මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රබර්,පොල් කර්මාන්ත ගැන ජාත්‍යන්තර ප්‍රදර්ශනයක්

    මැයි 28, 2016

    ලබන වසරේ අගෝස්තු මාසයේ පොල් හා රබර් ක්ෂේත්‍ර මූලික කරගනිමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කරයි.

    ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් ලබන වසරේ අගෝස්තු මාසයේදී 'සිලෝන් ටී එක්ස්පෝ' නමින් ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත අතර, එම ප්‍රදර්ශනය සඳහා භාවිත කරන යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය.

    දැනට ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, ජපානය වැනි රටවල්වල ද යුරෝපීය රටවල්වල ද වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රදර්ශන පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ විවිධ ආයතන ද මෙම ප්‍රදර්ශන සඳහා සහභාගි වීමට නියමිතය.

    නිෂ්පාදකයින්, අලෙවිකරුවන්, නිෂ්පාදන මිල දී ගන්නන් සහ ආයෝජකයින් සහභාගි වන මෙබඳු ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම මඟින් ජාත්‍යන්තරයට සමීප වීමට අවස්ථාව සැලසේ. එමෙන්ම විදේශීය නිෂ්පාදකයින්ගේ සහ අලෙවිකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගැනීමටත්, නව තාක්ෂණය හා පහසුකම් සමඟ බද්ධ වීමටත් ඒ තුළින් දේශීය නිෂ්පාදනවල තත්ත්වය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අවස්ථාව සැලසෙනු ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැති ද ලැබී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya