අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සටහන් ඡායාපිටපත් කර දීමේ වැඩසහනක් අනුරාධපුරයෙන්

    මැයි 28, 2016
    පසුගියදා ඇතිවු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද ග්‍රාම සේවා වසම් අසුවකට අධික සංඛ්‍යාවකට පීඩා එල්ල විය. මෙහදී විශේෂයෙන්ම පාසල් දරුවන්ට සිය අධ්‍යපාන කටයතු නිසි ලෙස කරගෙන යාමට නොහැකි අන්දමින් ඔවුන්ගේ පොත් පත් පවා විනාශයට පත් වු බව දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ  වලින් වාර්තා වී තිබේ.  එම දරුවනට ඉතා කඩිනමින් මෙම සටහන් හා පොත් පත් ලබා ගැනීමේ අවශ්‍යතාව ඇතත් එය ඔවුනට පහසුවෙන් කරගැනිමේ හැකියාවක් නැත. 
    මේ පිළිබදව අවධානය යොමු කළ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්  ඩී.පී.ජී. කුමාරසිරි මහතා  ජල ගැලීම් වලින් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට දැනුම් දී ඇත්තේ එම දරුවනට ඉතා කඩිනමින් අදාල පොත් පත් ලබා ගැනිමට අවශ්‍ය වැඩපිළිවෙළ ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා සිදුකරන ලෙසයි. 
     
    ඒ අනුව  පීඩාවට පත් දරුවන් පිළිබදව හා ඔවුන්ගේ පොත් පත් අවශ්‍යතා හදුනාගෙන ඒවා ඡායා පිටපත් කිරිමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට නියමිතයි. 
     
    ඒ සදහා නිශ්චිත සේවක කණ්ඩායමක් යෙදවීමට ද දිස්ත්‍රික් ලේකම්වරයා උපදෙස් ලබාදී  ඇත. පීඩාවට පත්වු පාසල් දරුවන්ගේ තොරතුරු පාසල සමග නම් කර ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත ලබාගැනීම මේ වන විට සිදු කර ඇත. 
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya