මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලගැලීමෙන් කොළඹට දැඩි පීඩා

    මැයි 26, 2016

    කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇති වූ ව්‍යසනය කොළඹ දිස්ත්‍රික්කයට විශාල ලෙස බලපා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසීය.



    දැඩි ලෙස ආපදාවන්ට  ලක් වු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ලෙස කොලොන්නාව, කඩුවෙල, කොළඹ, සිතාවක යන ප්‍ර‍දේශ නම් කළ හැකි අතර තිඹිරිගස්යාය, හෝමාගම, රත්මලාන, කැස්බෑව, පාදුක්ක, මොරටුව, මහරගම, කෝට්ටේ යන කොට්ඨාසවල ජනතාව ද විශාල ලෙස ආපදාවන්ට ලක්ව ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

    කඩුවෙල ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාසයේ ආපදාවන්ට ගොදුරු වු පවුල් 7,735ක් වන අතර සමාජික සංඛ්‍යාව 24,275 කි. මෙහි පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන 25 ක් තුළ පවුල් 569ක සාමාජික සංඛ්‍යාව 2120 ක් සිටිති.

    කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 17, 201 ක් සාමාජික සංඛ්‍යාව 84,859 ක් පීඩාවට පත් සිටිති. මෙහි සුරක්ෂිත මධ්‍යස්ථාන 32ක්  තුළ පවුල් සංඛ්‍යාව 15,211ක සාමාජික සංඛ්‍යාව 74,669 සිටිති.

    සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආපදාවන්ට ලක්වු පවුල් සංඛ්‍යාව 1985 වන අතර සාමාජික සංඛ්‍යාව 6805ක් වේ. එහි සුරක්ෂිත මධ්‍යස්ථාන තුනක වෙසෙන පවුල් 55 ක් වන අතර සාමාජික සංඛ්‍යාව 173 ක් වේ.

    තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක පවුල් 46 ක් රඳවා ඇත. එහි වෙසෙන සාමාජික සංඛ්‍යාව 145 කි. එම කොට්ඨාසයේ ආපදාවන්ට ලක්වු පවුල් 1,599 ක් වන අතර  සාමාජික සංඛ්‍යාව 5,950 ක් වේ.

    හෝමාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආපදාවට ලක්වු පවුල් 1505 ක් වන අතර සාමාජික සංඛ්‍යාව 5366 කි. සුරක්ෂිත මධ්‍යස්ථාන තුනක පවුල් 36 ක් වේ. එහි වෙසෙන සාමාජික සංඛ්‍යාව 130කි.

    රත්මලාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආපදාවන්ට ලක් වු පවුල් 56 ක් වන අතර සාමාජික සංඛ්‍යාව 229 ක් වේ. කැස්බෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආපදාවට ලක්වු පවුල් 98 ක් වන අතර සාමාජික සංඛ්‍යාව  488 ක් වේ. පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආපදාවට ලක් වු පවුල් 110 ක් වන අතර සාමාජික සංඛ්‍යාව 468 කි.

    කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආපදාවට ලක් වු පවුල් 4,654 ක් වන අතර සාමාජික සංඛ්‍යාව 20,908 ක් වේ. මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආපදාවන්ට ලක්වු පවුල් 410 ක් වන අතර සමාජික සංඛ්‍යාව 1,00 කි. මහරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආපදාවට ලක්වු පවුල් 83 ක් වන අතර සමාජික සංඛ්‍යාව 362 ක් වේ. කෝට්ටේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආපදාවට ලක්වු පවුල් 2,497 ක් වන අතර සාමාජික සංඛ්‍යාව 8,883 කි.

    මේ අනුව කොළඹ දිස්ත්‍රික්යේ පවුල් 37,933 ක ප්‍රමාණයක් ආපදා තත්ත්ව ඇති අතර මුලු සාමාජික සංඛ්‍යාව 154,343 වේ. මෙයින් පවුල් 15,932 ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 66 ක් තුළ වෙසෙන අතර එහි සාමාජික සංඛ්‍යාව 77,293 ක් වේ.

    මෙහිදී ජනතාවට ඇති වු හානිය පිළිබඳ දැනට කොළඹ දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණයක් කරගෙන යන බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ දැනටමත් පිහිටුවා ඇති භාණ්ඩ රැස් කිරීමේ මධස්ථානය තුළ ආපදාවන්ට ලක්වුවන් සඳහා භාණ්ඩ එක් රැස් කිරීම හා බෙදාදීම් දිගින් දිගටම සිදු කෙරෙන බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා වැඩදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya