අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට තරුණයන් ජනමාධ්‍ය පාඨමාලාවක්

    මැයි 28, 2016

    ජාතික තරුණ සේවා සභාවේ හම්බන්තොට දිස්ත්‍රික් තරුණ සේවා සමූපකාර සමිතිය මඟින් තරුණ තරුණියන් සඳහා ජනමාධ්‍ය පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව දිස්ත්‍රික්ක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    ඒ අනුව එම පාඨමාලාව යටතේ හෙට (29) දින නිවේදක හා කථන පාඨමාලාව ආරම්භ කරන බව හම්බන්තොට දිස්ත්‍රික් සහකාර තරුණ සේවා අධ්‍යක්ෂ ජනක හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    මාස 6ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව ප්‍රවීණ මාධ්‍යවේදීන් සහ දේශකවරුන් විසින් මෙහෙයවනු ලබයි.

    ජනමාධ්‍ය පාඨමාලාව අවසානයේදී වටිනා සහතිකයක් පිරිනැමීමටත් ප්‍රායෝගික පුහුණුව වෙත යොමු කිරීමටත් කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya