අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන අසාධාරණ වුවන්ට සහන

    ඔක්තෝබර් 09, 2015
    දේශපාලන අසාධාරණකම්වලට ලක් වූ පවුල් 35,000කට සහන ලබා දීම සඳහා නව රජය ඉදිරියේදී කටයුතු කරන බව සභානායක, විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
    මහනුවර දිස්ත්‍රික්කයේ සෙංකඩගල ආසනයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
    ඒ මහතා ප්‍රකාශ කළේ ඔවුන්ට සහන ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බවයි.
    මීට අමතරව තරුණ තරුණියන්ට රැකියා දීම, යටිතල පහසුකම් දියුණු කිරීම ඇතුළු ජනතා සේවාවන් සියල්ල ඉටු කිරීමට අවධානය යොමු කර තිබෙන බවත් රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවීම තුළ අපට ජාත්‍යන්තර වශයෙන් විශාල සහයෝගයක් ලැබී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
    රටේ ආර්ථිකය හදන්න, ස්වාධීන අධිකරණයක්, ස්වාධීන මැතිවරණ කොමිසමක්, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් ඇතුළු ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම් කිරීමට කැප වී කටයුතු කරන බව ද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya