මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික්කයේ අන්තර් ගම්මාන පිවිසුම් මාර්ග සඳහා රුපියල් මිලියන 5326ක්

    ජූලි 29, 2015
    මාතර දිස්ත‍්‍රික්කයේ අන්තර් ගම්මාන පිවිසුම් මාර්ග සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 5326ක මුදල් ප‍්‍රතිපාදන වෙන්කර තිබේ. 
     
    මෙම වැඩසටහන ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ක‍්‍රියාත්මක කෙරෙන අයිරෝඩ් ව්‍යාපෘතිය මඟින් අන්තර් ගම්මාන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන වශයෙන් නම් කර ඇත. පැකේජ 03ක් යටතේ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන අතර පළමු පැකේජය යටතේ පිටබැද්දර හා කොටපොල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල රුපියල් මිලියන 2315.346 ක මුදලක් වැය කරමින් මාර්ග 22ක කිලෝ මීටර් 96.90ක් සංවර්ධනය කෙරේ. 
     
    දෙවන පැකේජය යටතේ අකුරැස්ස, අතුරලිය, පස්ගොඩ, මුලටියන, මාලිම්බඩ හා හක්මන යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල රුපියල් මිලියන 1803.301ක මුදලක් වැය කරමින් මාර්ග 20ක කිලෝ මීටර් 65.70ක් සංවර්ධනය කෙරේ. තුන්වන පැකේජය යටතේ වැලිගම, වැලිපිටිය, කඹුරුපිටිය, කිරින්ද - පුහුල්වැල්ල, තිහගොඩ, දෙවිනුවර හා දික්වැල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල රුපියල් මිලියන 1207.599ක මුදලක් වැය කරමින් මාර්ග 25ක කිලෝ මීටර් 54.90ක් සංවර්ධනය කරනු ඇත. 
     
    ඒ අනුව රුපියල් මිලියන 5326ක මුදලක් වැය කරමින් මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන මාර්ගවලට පිවිසුම් මාර්ග 67ක කිලෝ මීටර් 217.50ක් සංවර්ධනය කිරීමට නියමිතය. මෙහිදී නව මාවත් ඉදිකිරීමක් සිදු නොකෙරෙන අතර දැනට තිබෙන මාර්ගවල කාපට් අතුරා සංවර්ධනය කිරීම් ආදිය සිදුකිරීමට නියමිතය. 
     
    මේ වන විට මැනුම් කටයුතු ඇතුළු මූලික කටයුතු ආරම්භ කර ඇත. වසර 05ක් තුළ අදාළ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කර අවසන් කළ යුතුය. මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්‍ෂණයෙන් ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවනු ඇත.
     
    NDH/dmu-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya