අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු තාක්ෂණය ඉහළ නැංවීමට දිස්ති‍්‍රක් මට්ටමින් පියවර

    මැයි 29, 2015
    ශී‍්‍ර ලංකාවේ තොරතුරු තාක්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් ගුරුවරුන් ඇතුළුව සියලු රාජ්‍ය සේවකයන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා දිස්ති‍්‍රක් මට්ටමින් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි.
     
    තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් බැගින් සෑම දිස්ති‍්‍රක්කයකටම ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර එහිදී තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන දැනුම ලබා දීමට පියවර ගන්නා බව විදේශ කටයුතු විදුලි සංදේශ හා තොරතුරු තාකෂණ නියෝජ්‍ය ඇමති නිතීඥ අජිත් පී. පෙරේරා මහතා පසුගියදා විදුලි සංදේශ හා තොරතුරු තාකෂණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.
     
    ගුරුවරුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙන බව පවසන ඒ මහතා ඒ වෙනුවෙන් තෝරා ගත් පාසල් සඳහා පරගණක, අන්තර්ජාල පහසුකම් ආදිය ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බව ද කියා සිටියේය.
     
    පසුගිය රජය ආරම්භ කළ පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළ ඉදිරියටත් කරගෙන යාම වත්මන් රජය විසින් සිදු කරගෙන යන බව ප‍්‍රකාශ කළ ඇමතිවරයා දරුවන් සඳහා ප‍්‍රතිඵල ලැබෙන වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර තිබෙන බව ද ඒ වෙනුවෙන් දේශීය මෙන්ම විදේශීය මූලාශ‍්‍රවලින් අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා ගන්නා බවද සඳහන් කරයි.
     
    දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කිරීම වත්මන් රජයේ අපේක්ෂාව වී තිබේ.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya