අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නාවික විධානයෙන් කයිට්ස් හි සිවිල් වැසියන් සඳහා හෘද රෝග සායනයක්

    මැයි 29, 2015
    ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ ආසිරි හෘද රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයේ හා කයිට්ස් හි වෛද්‍ය නිලධාරීන්ගේද සහයෝගය ඇති ව පසුගියදා කරෙයිනගර් හි වෛද්‍ය ඒ ත්‍යාගරාජා මධ්‍ය මහා විද්‍යාලයේදී ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් හෘද රෝග සායනයක් පැවැත්විණි. හෘද රෝග ප්‍රතිකාර සඳහා සීමාසහිත පහසුකම් ඇති කයිට්ස් වැනි ප්‍රදේශයක ජනතාවට මෙම හෘද රෝග සායනය ඉතා මහඟු අවස්ථාවක් වූ අතර මේ සඳහා විශාල පිරිසක් සහභාගී වූහ.
     
    උතුරු නාවික ප්‍රදේශයේ ආඥාපති රියර් අද්මිරාල් එරික් ජයකොඩි මහතා මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගගී වූ අතර කයිට්ස් දිස්ත්‍රික් ලේකම් බාබු මහත්මිය, කයිට්ස් හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්.ආර්.එස්. ආනන්දරාජා සහ ත්‍යාගරාජා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ද මෙම ආරම්භක අවස්ථාව සඳහා සහභාගී වූහ.
     
    දීර්ඝ කාලයක සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජීවත්වන සිවිල් වැසියන්ගේ එදිනෙදා කටයුතු සිදුකර ගැනීමේලා ඔවුන්ට තනිව සංවිධානය කරගත නොහැකි ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවන් හඳුනාගෙන එකී ජනතාව වෙනුවෙන් තමන්ට කළහැකි සමාජ ‍මෙහෙවර ඉටුකිරීමේ අරමුණින් යුතු ව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම හෘද රෝග සායනය සංවිධානය කරන ලදී.
     
    ආසිරි හෘද රෝග මධ්‍යස්ථානයේ වෛද්‍ය විවේක් ගුප්තා ඇතුළු විශේෂ වෛද්‍ය කණ්ඩායමක්, හෙද කණ්ඩායමක් හා රෝග විනිෂ්චය සඳහා අවශ්‍ය තාක්ෂණික සහායක කණ්ඩායමක්ද මේ සඳහා සහභාගී වූහ.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya