මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක උදාව - 2015 ඇරඹේ

    අප්‍රේල් 24, 2015
    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය හා SLITO ආයතනය එක්ව සංවිධානය කරනු ලබන සංචාරක උදාව 2015 ප්‍රදර්ශනය හා සම්මේලනය අද (24) සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ වේ. මෙය හෙට (25) දිනයේ දී ද පැවැත්වේ.
     
    සංචාරක උදාව 2015 යනු සංචාරක ක්ෂේත්‍රයේ නියැලි සිටින පුද්ගලයන්ට වැදගත් වන්නා වු වාර්ෂික ව පැවැත්වෙන ප්‍රදර්ශනයකි. 
     
    හෝටල්කරුවන්, සේවා සපයන්නන් හා සැපයුම්කරුවන් සඳහා තම අවශ්‍යතා හා විසඳුම් එක් ස්ථානයකින් සලසාගත හැකි අවස්ථාවකි.
     
    මෙය සංවිධානය හා සංකල්පය සිදු කරන ලද්දේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය හා ව්‍යාපාරිකයන් විදහා දැක්වීමේ අවස්ථාවක් වශයෙනි.
     
    බොහෝ විට තම රටෙහි ම පවත්නා දේ පිළිබඳ ව දේශීය වෙළෙඳපොළ නොදැනුවත්වන අතර විශාල සමාගම් මේ ක්ෂේත්‍රයේ නව නිෂ්පාදන හා සේවා පිළිබඳ නොදැනුවත් වෙයි.
     
    මේ සියල්ල සංචාරක උදාව මගින් එක්තැන් කෙරෙන අතර සියලු දෙනා හට ප්‍රතිලාභ ලැබිය හැකි අවස්ථාවක් වෙයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya