අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය වී මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස් දහසක් මිලදී ගනී

    අප්‍රේල් 24, 2015
    මෙම වසරේ මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 7.2ක් භාණ්ඩාගාරයෙන් ලබා දී තිබෙන බවත් මේ වන විට රජය වී මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස් දහසක් මිලදී ගෙන තිබෙන බවත් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පැවසීය.
     
    සම්බා වී රුපියල් 50ක සහතික මිලකට සහ අනෙකුත් වී රුපියල් 45ක සහතික මිලකටත් වී මිල දී ගැනීම් සිදු වී තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    දින 100 වැඩසටහන යටතේ සියලු ගොවි ණය 50%කින් කපා හැර ගෙවීමට ඇති ඉතිරි මුදල නැවත සමාලෝචනය කර ගෙවීමට සහන කාලයක් ලබාදීම කටයුතු කර තිබේ.
     
    අර්තාපල් කිලෝවක් මිලදී ගන්නා සහතික මිල රුපියල් 80 දක්වා ඉහළ දැමීම සහ තේ දළු කිලෝවක් සඳහා රුපියල් 80ක සහතික මිලක් ලබා දී ඇත.
     
    රබර් සඳහා රුපියල් 350ක පාවෙන මිලක් පවත්වාගෙන යාම සිදු වන අතර කිරි ගොවීන්ට  කිරි ලීටරයකට දැනට ගෙවන රුපියල් 60ක සහතික මිලට රුපියල් 10කින් වැඩි කිරීමට කටයුතු කර ඇත.
     
    බාල පොහොර වෙනුවට මනුෂ්‍යයාට හිතකර උසස් තත්ත්වයෙන් හා ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදී තිබෙන අතර  කුඩා තේ වතු හිමියන්ට ද උසස් තත්ත්වයේ පොහොර ලබා දී තිබීම යනාදී කෘෂි හා වැවිලි ආශ්‍රිත නිෂ්පාදකයින් සඳහා සහන රැසක් ලබා දී තිබේ.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya