මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ රටේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කිසිම ආණ්ඩුවක් නොගත් විශිෂ්ඨ තීරණ රැසක් අපි ගන්නවා

    ජනවාරි 27, 2015

    මේ රටේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මීට පෙර කිසිම ආණ්ඩුවක් නොගත් ඉතාම විශිෂ්ඨ තීරණ රාශියක් ගන්නා බවත් රජ රටින් වසර අටසිය තිස් පහකට පසු රාජ්‍ය නායකයෙක් බිහිවීම පොළොන්නරුවේ ජනතාවට මහත් අභිමානයක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

     

    ජනාධිපතිවරණ ජයග්‍රහණයේ සැබෑ අයිතිකරුවන් වූ පොළොන්නරුව ප්‍රමුඛ ශ්‍රී ලාංකීය ජනතාවට කෘතවේදීත්වය පිරි නැමීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තෝපා වැව ක්‍රීඩාංගණයේ පසුගිය ඉරිදා පස්වරුවේ (25) පැවති ඓතිහාසික ජනපති ජනාභිනන්දන මංගල්‍යයට සහභාගි වූ දහස් සංඛ්‍යාත පොළොන්නරුව ජනතාව අමතමින් මේ බව පැවසීය.

     

    එහි දී ජනතාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් මගේ ආදරණීය පොළොන්න‍රුවේ ජනතාවට උපහාර දැක්වීමට ගෞරවණීය උත්සවය සංවිධානය කළ බවත් රටට අවශ්‍ය යුග පෙරළියක් කිරීමට ආර්ථික සහ සමාජ වෙනසක් සඳහා තමාට විශාල ශක්තියක් දුන්නේ මේ ඓතිහාසික පොළොන්නරුව ජනතාව ප්‍රමුඛ මේ රටේ පොදු මහජනතාව බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

     

    එක්සත් පාතික පක්ෂයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත් ජාතික හෙළ උරුමය, ජනරාල් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, ජාතික මුස්ලිම් පෙරමුණ ඇතුළු සංවිධාන 49ක් මේ රටේ නිදහසෙන් පස බිහි වූ විශාලතම පුළුල්ම ජාතික දේශපාලන පෙරමුණ සකස් කර සංවිධානය කර මේ රටේ ඉතාම දූෂිත රාජපක්ෂ පාලනය අවසන් කරන්න පුළුවන්කම ලැබුණ බවත් එහි ගෞරවය මේ රටේ සමස්ත ජනතාවටම බවත් ජනාධිපති තවදුරටත් කියා සිටියේය.

     

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,

     

    “ අපි ජාතික ආණ්ඩුවක් හදන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න මැතිවරණ ප්‍රකාශයේ පැහැදිලි පණිවිඩයක් දුන්නා. ජාතික ආණ්ඩුවක් කියන්නෙ දේශපාලන පක්ෂ ලෙස බෙදිලා වෙන්වෙලා සටන් කරන තත්වයක් නොවෙයි.

     

    නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය මාව මේ රටේ ජනාධිපතිවරයා බවට පත්කර ගත් හෙයිනි.

     

    අපි කැප වෙන්න ඕනා සදාචාරසම්පන්න සමාජයක් හදන්න. මේ රටේ නිදහස හා ප්‍රජතන්ත්‍රවාදය තහවුරු කරන්න තිබෙනවා. මේ රටේ දුගීබව තුරන් කරන්න තිබෙනවා. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ වූ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අනෙකුත් දේශපාලන පක්ෂයන් ද සමඟ මේ ගමන කැපවීමෙන් යන්න එක්වන්න කියලා ඉල්ලා සිටිනවා. “ යැයි ද පැවසීය.

     

    SDF/WS_dmu_Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya