මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දහස් වෙනි නැණසල මධ්‍යස්ථානය හෙට ජනපති අතින් විවෘත වෙයි

    දෙසැම්බර් 25, 2014

    “නැණසල දහස” ව්‍යාපෘතිය සම්පුර්ණ කරමින් දහස් වෙනි නැණසල මධ්‍යස්ථානය ගලිගමුව බිසෝවෙල රජමහා විහාරස්ථානයේදී හෙට (26) පෙරවරුවේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් විවෘත කෙරේ.


    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව “නැණසල දහස ව්‍යාපෘතිය”ආරම්භ කෙරිණි.

    රාජපක්‍ෂ මැතිතුමා එවකට අගමැතිවරයා ලෙස කටයුතු කරද්දී 2005 ජනවාරි 01දා ‍ඓතිහාසික කතරගම කිරිවෙහෙරේ දී ප්‍රථම නැණසල මධ්‍යස්ථානය විවෘත කරමින් මෙම නැණසල දහස ව්‍යාපෘතිය ආරම්භ කරන  ලදී.

    විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් සවිබල ගැන්වීම මෙම නැණසල මධ්‍යස්ථාන පිහිටුවීමේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මූලික අරමුණ වූ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

    මෙම දහස්වෙනි නැණසල මධ්‍යස්ථානය අති නවීන තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ මෙවලම් සහ යටිතල පහසුකම්වලින් සමන්විත බව ද නියෝජිතායතනය පවසයි.

    උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි  විහාරස්ථාන, දේවස්ථාන, කෝවිල් මෙන්ම පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම නැණසල මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බව ද නියෝජිතායතනය සඳහන් කරයි.

    බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් වාර්ෂිකව ප්‍රදානය කරනු ලබන ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ වැඩසටහනට හිමි සම්මානය මෙවර හිමි වූයේ ද නැණසල වැඩසටහනට වීම විශේෂත්වයකි.

    දිවයිනේ සියලු නැණසල හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සහභාගිත්වයෙන් නැණසල කතිකාව මේ විවෘත කිරීමට සමගාමීව විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ද නියෝජිතායතනය පවසයි.  

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya