අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජා භූමි ගැසට් පත්‍රයේ සන්නස්පත්‍ර ප්‍රදානය කෙරේ

    නොවැම්බර් 29, 2014
    පූජා භූමි ලෙස ගැසට් කරනු ලැබූ සිද්ධස්ථාන වෙත සන්සන්පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.
     
    සම්බුදු සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් ඉටු කළ මෙහෙවර ඇගයීම හා ඉදිරියටත් රට හා සම්බුදු සසුන සුරැකීමට ජනාධිපතිතුමාට උන්වහන්සේලාගේ ආශිර්වාද පළ කිරීම ද මෙහිදී සිදු විය.
     
    අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නායක ස්වාමීන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ, රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නායක හිමිපාණන් වහන්සේ, අමරපුර මහා නිකායේ මහා නායක අති පූජ්‍ය දවුල්දෙණ ඥානීස්වර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
     
    DB
     
    HE sannsa 1
     
     
    HE sannsa 1
     
     
    HE sannsa 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya