මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    18 වන සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනපති යළි දිවයිනට

    නොවැම්බර් 28, 2014

    18 වන සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (27) රාතී‍්‍ර 11.30ට පමණ ශී‍්‍රලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් යළි දිවයිනට පැමිණියේය.

    නේපාලයේ කත්මන්ඩු නුවර පැවැති 18 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව ඊයේ (27) නිමාවට පත් විය.

     

    ජනාපධිතිතුමා කලාපයේ රාජ්‍ය නායකයන් සමඟ සමුළුව අතරතුරදී ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා සහභාගී විය. ඒ අනුව ඇෆ්ගනිස්තානය, භූතානය, මාල දිවයින් සහ නේපාල යන රාජ්‍ය නායකයන් සමඟ ජනාධිපතිතුමා එහිදී සාකච්ඡා පැවැත් විය.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මොහොම්මද් අෂ්රෆ් මැතිතුමා අතර පැවැති සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරුණේ අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත‍්‍ර සම්බන්ධවය. එය ක්ෂේත‍්‍ර නඟාසිටුවීම සඳහා ශී‍්‍ර ලංකාවෙන් සහය අවශ්‍ය බව ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ අතර ඉන්දීය ජනාධිපතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් කලාපයේ රාජ්‍ය නායකයන් රාජපක්ෂ ජනාධිපතිතුමාට සුබපැතුම් ද එක් කළේය. ජනාපධිතිවරණ ජයග‍්‍රහණය ස්ථිර බව සහ යළි හමුවීම පිළිබඳ බලාපොරොත්තු තබන බවද සාක් රාජ්‍ය නායකයෝ එහිදී සඳහන් කළහ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya