මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු අපේක්ෂකයා කවුරු වුණත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි

    නොවැම්බර් 23, 2014

    ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස කවරෙකු ඉදිරිපත් වුවත් එයින් අති විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක මහතා පවසයි.


    පසුගිය සිකුරාදා (21) පාර්ලිමේන්තුවේදි අමාත්‍යවරයා මේ බව පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

     

    ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා එදින පාර්ලි‍මේන්තු විවාදය පැවැත්විණි.

     

    පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වුවද මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කිරීමට කිසිවෙකුට නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

    එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයකු සොයාගැනීමට නොහැකි තරමට බංකොලොත් වී ඇති අතර මෙවර ජනාධිපතිවරණ  සටන පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දෙදෙනෙකු අතර බවත් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya