අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනුවන්ගැටේ මහා විදුහලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට

    නොවැම්බර් 22, 2014

    කුරුණෑගල, වාරියපොළ මිනුවන්ගැටේ මහා විද්‍යාලයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම අද (22) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණි.


    මහින්ද චින්තන ඉදිරි දැක්ම සාක්ෂාත් කර ගනිමින් මහින්දෝදය ද්විතීයක පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ මෙම මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 25කින් සමන්විත භාෂාගාරයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස අධ්‍යාපන ඒකකයක් යන අංගයන්ගෙන් සමන්විත වේ.


    එය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව ද සොයා බැලුවේය.

     

    ජනාධිපතිතුමාගේ පැමිණීම සැලවීමෙන් අතිවිශාල ජනතාවක් ද පාසල අවට රැස් ව සිටි අතර එම ජනතාව සමඟ ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත විය.

     

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

     

    HC/pmu_Pix by : Nishanka de Silva

    President Opens a Mahindodaya Laboratory at Minuwangate MV 1

     

    President Opens a Mahindodaya Laboratory at Minuwangate MV 2

     

    President Opens a Mahindodaya Laboratory at Minuwangate MV 3

     

    President Opens a Mahindodaya Laboratory at Minuwangate MV 4

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya