මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මග නැගුම මහමැඳුර" ජනපති අතින් විවෘත කෙරේ

    නොවැම්බර් 21, 2014
    මහාමාර්ග වරාය හා නාවික අමාත්‍යංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නව ප්‍රධාන කාර්යාලය වන "මග නැගුම මහමැදුර" විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අතින් ඊයේ (20) සිදු කෙරිණි.
     
    බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 236/බී ස්ථානයේ ස්ථානය කොට ඇති මගනැගුම මහමැදුර මහල් නවයකින් යුත් අංග සම්පූර්ණ කාර්යාල සංකීර්ණයක් ලෙස ඉදි කොට ඇත.
     
    මගනැගුම මහමැදුර විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
     
    එම ගොඩනැගිලි සංකීර්ණයේ ඇති ලංකා සතොස වෙළෙඳ සංකීර්ණය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද යාපා අබේවර්ධන, විමල් වීරවංශ, නිර්මල කොතලාවල, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, හේමාල් ගුණසේකර, වී. රාධක්‍රිෂ්ණන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, කමලා රණතුංග මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
     
    DB
     
    HE RDA MAHA MEDURA 1
     
     
    HE RDA MAHA MEDURA 3
     
    HE RDA MAHA MEDURA 4
     
    HE RDA MAHA MEDURA 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya