මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප්වහන්සේ සැපත්වන විට රටේ සිටින්නේ අලුත් ජනාධිපතිවරයෙක්

    නොවැම්බර් 19, 2014

    ප්‍රැන්සිස් පාප්වහන්සේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට සැපත්වන විට රටේ සිටින්නේ අලුත් ජනාධිපතිවරයෙක් බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.

     

    පාප් වහන්සේ පැමිණීමට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් වන නිසා උන්වහන්සේට මෙරටට පැමිණීමට බාධාවක් නොමැති බවත් පාප් වහන්සේ සැපත්වන්නේ අලුත් තත්ත්වයක් යටතේ අලුත් ජනාධිපතිවරයෙක් ජනාධිපති ධූරයේ සිටින විට බවත් කීය.

    පැරණි තත්ත්වයක් හෝ පැරණි ජනාධිපතිවරයෙකු නො ව අලුත් ජනාධිපතිවරයෙකු හමුවීම සඳහා පාප් වහන්සේට අවස්ථාව ලැබෙන බවත් ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් තරගයක් ඇති වුව ද මහින්ද රාජපක්ෂ මැතිතුමා අති විශිෂ්ට ජයක් ලබන බවත් නව ජනාධිපතිවරයා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පළමු ව හමුවන්නේ ලෝකය ම පිළිගත් විශිෂ්ට ආගමික නායකයෙකු වන පාප් වහන්සේ බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී පාප් වහන්සේගේ පැමිණීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා විසින් විමසූ අවස්ථාවේදීය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya