මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජන්ම දිනය සමරා කිරි අම්මා දානයක්

    නොවැම්බර් 18, 2014
    අද (18)ට යෙදී ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් එතුමාට ආශිර්වාද පතමින් කිරි අම්මාවරු දහසක් දෙනා උදෙසා දානය පිළිගැන්වීම අද අලුයම නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී සිදු විය.
     
    එක්සත් හෙද සංගමයේ සභාපති, නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම සංවිධානය කෙරුණු අතර මෙවර දානමය පුණ්‍යකර්මය සිදු කෙරුණේ හයවැනි වරටය.
     
    අද අලුයම විහාරස්ථානය වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද ආගමික වතාවත් හි නිරත වී ආශිර්වාද ලබා ගත්තේය. 
     
    ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    DB
     
    02 1
     
     
    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya