මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන් වූවන් පිළිබඳ කොමිසමේ විෂය පථය පුළුල් කෙරේ

    නොවැම්බර් 15, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පරීක්ෂණ කොමිෂන් සභා පනතේ (393) වැනි අධිකාරය වූ 2 වැනි වගන්තියේ විධිවිධානයන්ට අනුකූලව හා 2011 නොවැම්බර් මස 15 වැනි දින උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අංක 4.359 ඡේදය අනුව පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කොට වාර්තා කිරීම පිණිස 2014.07.15 දිනැති හා අංක 1871/18 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මඟින් මෙම කොමිෂන් සභාවේ විෂය ක්ෂේත‍්‍රය තවදුරටත් පුළුල් කර ඇත.


    ඒ අනුව පහත සඳහන් නිශ්චිත කාරණා පිළිබඳ ව කොමිෂන් සභාව විමර්ශනය කොට වාර්තා කළ යුතු වේ.

    2009 මැයි මස 19 වැනි දින අවසන් වූ අභ්‍යන්තර සන්නද්ධ ගැටුමේ දී සිවිල් ජනයාගේ ජීවිත අහිමිවීමට තුඩුදුන් ප‍්‍රධාන සාධක හා වාතාවරණයන් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හෝ උල්ලංඝණය කිරීම හෝ උල්ලංඝණය කිරීම හේතුකොට ගෙන මේ සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකු, කණ්ඩායමක් හෝ ආයතනයක් ඍජු ලෙස හෝ අනියම් ලෙස වගකිවයුත්තේ ද යන වග,

    එසේ සිවිල් ජනයාගේ ජීවිත හානිවීම සම්බන්ධයෙන් සන්නද්ධ කි‍්‍රයාදාමයක දී ඉලක්කගත හමුදාමය අරමුණුවලට එරෙහි ව එල්ල කරනු ලබන සමානුපාතික ප‍්‍රහාරවල දී සිදුවිය හැකි සහ සන්නද්ධ ගැටුම් පිළිබඳ නීති සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ නිශ්චිත හඳුනාගෙන ඇති අනුෂාංගික හානි ලෙස සැලකිය හැක්කේ ද යන වගත්, එවැනි සිවිල් ජනයාගේ ජීවිත හානිවීම ඉහත සඳහන් සන්නද්ධ ගැටුම් සමයේ දී සටන් කිරීමේදී අනුගමනය කළ යුතු රීති කි‍්‍රයාත්මක කිරීමේ දී හිතාමතා සිදු කළ හෝ අනපේක්ෂිත ප‍්‍රතිඵලයක් වන්නේ ද යන වග,

    සන්නද්ධ ගැටුම් පිළිබඳ නීති සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ පවතින වෙන්කොට හඳුනාගැනීම, යුදමය අවශ්‍යතාව සහ අනුපාතික බලය යන මූලධර්මවලට ශී‍්‍ර ලංකාවේ සන්නද්ධ හමුදා අනුගතවීම හෝ ඒවා නොසලකා හැරීම.

    රාජ්‍ය නොවන පාර්ශවයක් වශයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය සිය හමුදාමය කි‍්‍රයාන්විතවලදී ජාත්‍යන්තර මානුෂීය නීතියට යටත් වූයේ ද යන වග, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිත කිරීම සහ එකී කි‍්‍රයාව කොතරම් දුරට මානුෂීය නීතිය හෝ ජාත්‍යන්තරව මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීමක් වන්නේ ද යන වග සහ එම කි‍්‍රයාව කොතරම් දුරට සිවිල් පුරවැසියන්ගේ ජීවිත අහිමි කිරීමට හෝ සැලකිය යුතු ලෙස ඒ සඳහා දායක වුයේ ද යන වග,

    ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් හෝ එම සංවිධානයට අනුබද්ධිත නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් විසින් හෝ යම් දේශපාලන පක්ෂයක් විසින් සිදුකරන ලද ජාත්‍යන්තර සාපරාධී කි‍්‍රයාකාරකම් සහ එම නීතිවිරෝධී කි‍්‍රයාකාරකම් හරහා ලබාගත් මුල්‍ය හා වෙනත් සම්පත් එම සංවිධානය විසින් යොදා ගැනීම.

    එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප‍්‍රධානියා වූ වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ හෝ ඔහු වෙනුවෙන් කි‍්‍රයා කරන තැනැත්තන්ගේ ඍජු නියමයන් යටතේ ළමා සොල්දාදුවන් හෝ සටන්කාමීන් භාවිත කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකරන ලද මරාගෙන මැරෙන සියදිවි හානිකර ගැනීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ හෝ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ එම කි‍්‍රයාවල වදරකාරීත්වය,

    ඒ අනුව උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ අංක 4.359 වගන්තියේ සඳහන් පරිදි 2009 මැයි 19 දින දක්වා සිදු වූ සිදුවීම් පිළිබඳ ව පැමිණිලි භාර ගැනීමට කොමිෂන් සභාව තීරණය කර ඇත.

    ඕනෑම පුද්ගලයෙකුට, පුද්ගලයින්ට හෝ අයතනයකට අදාළ පැමිණිලි සිංහල, දෙමළ හෝ ඉංගී‍්‍රසි භාෂාවෙන් මෙහි පහත ලිපිනයේ සඳහන් කොමිෂන් සභාවේ ලේකම් වෙත 2014 දෙසැම්බර් 31 දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවන ලෙස කොමිෂන් සභාව ඇරයුම් කරයි.

    අදාළ සිදුවීම් සිදු වූ දිනය, ස්ථානය, එයින් පීඩාවට පත් පුද්ගලයින් හා වගකිව යුතු අය පිළිබඳ ව තොරතුරු ද ඊට ඇතුළත් කර එවන්නේ නම් මැනවි.

    එසේ එවනු ලබන පැමිණිලි අධ්‍යයනය කිරීමෙන් පසුව ඒ පිළිබඳ ව වැඩිදුරටත් සාක්ෂි විමසීම පැමිණිලිකරුවන්ට පහසු ස්ථානයකදී කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබේ. ඒ පිළිබඳ ව ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

     ඕනෑම පුද්ගලයෙකුට රහසිගතව සාක්ෂි දීම සඳහා ඉල්ලීමක් කළ හැකිය.

     

    පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 14 වන වගන්තියෙහි විධිවිධාන මඟින් සලසා දී ඇති පරිදි කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් කරන සෑම පුද්ගලයෙකුට ම හෝ පුද්ගලයන්ට සාක්ෂිකරුවන් සඳහා වන පනතෙහි වරප‍්‍රසාදවලට හිමිකම් ලැබෙන බව දඑහි සඳහන් වේ.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya