අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ සහයත් ජනපතිට

    නොවැම්බර් 11, 2014
    ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය තහවුරු කිරීමට තම පූර්ණ සහය ලබාදෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය පවසයි.
     
    එහි නායක ප්‍රභා ගනේෂන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද (11) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළහ.
     
    මේ රට ගොඩනැගීමට නිවැරදි දැක්මක් ඇති එක ම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බව මෙහිදී පෙන්වා දුන් එම පිරිස රටේ සියලු ජන කොටස්වලට එක හා සමාන ව සලකන එක ම නායකයා ද එතුමා බව පෙන්වා දුන්නේය.
     
    එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේ දී එතුමාගේ විජයග්‍රහණය ඉහළින් ම තහවුරු කර උපන් මව්බිම වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට එක්වන බවද ඔවුහු ප්‍රකාශ කළහ.
     
    අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ටී.බී. ඒකනායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා මහත්වරු ද ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රස් මහාචාර්ය සන්දරශේගරම්, සුරේෂ් ගංගාදරන් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya