අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා පොදු ජනතාවගේ උන්නතිය පිණිස විශාල සේවයක් කළා

    මාර්තු 24, 2017

    හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා විවිධ අමාත්‍යධූර දරමින් පොදු ජනතාවගේ උන්නතිය පිණිස විශාල සේවයක් කළ බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ ය.

    හිටපු අග්‍රාමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ විවාදය ආරම්භ කරමින් අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    වේලාවට වැඩකරන දේශපාලඥයෙකු ලෙස නමක් දිනා සිටි රත්නසිරි වික්‍රමනායක මහතා, කිව යුතු දේ කෙළින්  ප්‍රකාශ කළා. ජනප්‍රිය වීමේ අභිලාෂයෙන් කිසිවිටෙක ක්‍රියා කළේ නෑ.මෙරට ප්‍රගතිශීලී දේශපාලන කඳවුර ශක්තිමත් කිරීම වෙනුවෙන් කැප වී ක්‍රියාකළ නිරහංකාර ගති පැවතුම් ඇති දේශපාලඥයකු බවද සභානායකවරයා ශෝක යෝජනා විවාදයේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya