අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා නිසා මේ රටේ දේශපාලනය පෝෂණය වුණා

    මාර්තු 24, 2017

    අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා නිසා මේ රටේ දේශපාලනය පෝෂණය වුණ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, හිටපු අග්‍රාමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    1960 සිට 2015 දක්වා රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රධාන දේශපාලන චරිතයක්. එතුමා මේ කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසත් දේශපාලනයේ නියැලුණා. එතුමාට විශාල පළපුරුද්දක් තිබුණා.

     

    මන්ත්‍රීවරයකු ලෙස, අගමැතිවරයකු ලෙස, ඇමතිවරයකු ලෙස, ක්‍රියාකරන්න එතුමට අවස්ථාව ලැබුණා.  බණ්ඩාරනායක මැතිණිය යටතේ බලවේග එකතු කරද්දි එයට සහයෝගය දෙන්න ක්‍රියා කළා. දේශපාලන දර්ශයකින් ක්‍රියා කළා. ඉතා ක්‍රියාකාරී සමාජිකයෙක්. එතුමා 1994 ආවේ අලුත් දේශපාලන වාතාවරණයට හැඩගැසිලා,අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩනගන්න එතුමා දෙවැනි ගමන ආරම්භ කළේ.ශ්‍රී ලංකාවේ දේශාපලන පරිවර්ථන සියල්ලටම මුහුණදීලා, ඒ සියල්ල අනුව සකස්වෙන්න හැඩගැස්සෙන්න එතුමාට අවස්ථාව ලබුණා.


    එතුමා සමඟ වැඩකරද්දි විශාල පළපුරුද්ද ගැන මට වැටහුණා. එතුමාට ගරු කළා. දේශපාලනය කුමක් වුවත් අපේ මිත්‍රත්වයක් තිබුණා. එතුමාට ඒ කරුණු හොඳට වැටහුණා. එතුමා මේ සභාවේ සභානායක ලෙස කටයුතු කළා. අපි සැමට එතුමා කෙරේ විශ්වාසයක් තිබුණා. එතුමාගේ කතාව තුළ අපක්ෂපාතීබවක් තිබුණා.


    එතුමාට විශේෂ පදනමක් හොරණට තිබුණා. එතුමාට විශේෂ පදනමකින් එළියට ආවේ. ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස එන්නත් අවස්ථාව ලැබුණා. ස්වාධීනත්වයක් එතුමාට තිබුණා. එතුමා එක්ක වැඩකිරීමට හැකි වුණා. ගම එක්ක එකතුවෙලා වැඩකළා. රත්නසිරි වික්‍රමනායක කියන්නේ විශේෂ චරිතයක්. එතුමා නිසා මේ රටේ දේශපාලනය පෝෂණය වුණා. හොරණ දියුණු වුණා. එතුමා දේශපාලනයෙන් සමුගැනීම පාඩුව අපට තිබෙනවා. එතුමාට නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya