අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සභාව කල්තැබේ - සභාවේ සෑම කෙනෙකුටම සාධාරණ අවස්ථාව ලබාදීමට කැප වී සිටිනවා - කතානායක

    මාර්තු 10, 2017

    සභාවේ සෑම කෙනෙකුටම සෑම විටම සාධාරණ අවස්ථාව ලබාදීම කැප වී සිටින බවත් සෑම දෙනාටම අපක්ෂපාතීව කටයුතු කිරීමේ යුතුකම තමා තුළ තිබෙන බවත් කතානායක කරු ජයසූරිය මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අඳහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වන බව පවසමින් මන්ත්‍රීවරු විසින් දිගින් දිගටම කතානයකවරයට කරුණු පැහැදිළි කළේ ය. එහිදී මන්ත්‍රීවරුන්ට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    හිටපු කතානායක,පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ප්‍රථම අඳහස් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ, කතානායකතුමාගේ කටයුතු සාධාරණව කරගෙන යමට ඉඩ දීම මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් බවය. අනෙකුත් පක්ෂවලට ස්වාධීන මතයක් තිබෙනවා. ඔවුන්ට සභාවේ අඳහස් දැක්වීමට අවස්ථාව ලබාදීම වැදගත්.මේ සඳහා අවධානය යොමු කර අඳහස් ප්‍රකාශ කරන්න සීමිත කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව  බවද මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

     

    කතානායක කරූ ජයසූරිය මහතා - සෑම විටම සභාවේ සෑම කෙනෙකුටම සාධාරණ අවස්ථාව ලබාදීම කැප වී සිටිනවා. සන්ධානයේ කොටසක් වශයෙන්,මේ ගැන සාකච්ඡා කළා. ඒ අනුවයි කණ්ඩායම නියෝජනය කරන්න දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට අවස්ථාව ලබාදුන්නේ. පාර්ලිමේන්තුව තුළ කාලය වෙන් කිරීමේ දී සියයට පනස් පහක කාලයක් ලබදීමට කටයුතු කළා. පක්ෂවල ප්‍රශ්න විසඳන්න බෑ.මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. සන්ධානය තුළ විසඳාගත යුතු ප්‍රශ්න තිබෙනවා.

     

    මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ, මහජනතාව නියෝජය කිරීම සඳහා වූ අයිතිය ලබාදෙන ලෙසය. විපක්ෂයේ මතය රටට කියන්න අයිතියයි ඉල්ලන්නේ. ආණ්ඩුව සමඟ රණ්ඩු වෙන්න අවශ්‍ය නෑ යැයි ද පැවසී ය.  

    රටේ මහජනතාවගේ ප්‍රශ්න සාකච්ඡාවට ගන්න තියෙන අයිතිය මෙසේ ඉල්ලන බව අඳහස් දැක්වීමට එක් වෙමින්,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  ද පවසා සිටියේ ය.

     

    කතානායක කරූ ජයසූරිය මහතා- වැදගත් අඳහස් ප්‍රකාශ කළා. කතානායක පුටුවේ සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ කිසිම පදවියක් දරන්නේ නෑ. මම හෘද සාක්ෂිය අනුව ක්‍රියා කරන කෙනෙක්. සෑම දෙනටම අපක්ෂපාතීව කටයුතු කිරීමේ යුතුකම මා තුළ තිබෙනවා. විපක්ෂයේ අප විදි දුක් දන්න නිසයි, අද විපක්ෂයට අවස්ථාව මෙලෙස ලබාදීමට කටයුතු කර තිබෙන්නේ.පක්ෂයක් තුළ ගැටළු තිබෙනවා නම්, එය විසඳිය යුතු වන්නේ කතානායකවරයා නොවෙයි, එම පක්ෂයයි. දිනේෂ් ගුණවර්ධන මහතාගේ තීන්දුව ගැන කණගාටු වෙනවා.දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවට තව කෙනෙකු පත් කළ යුත්තේ සන්ධානයේ අනුමැතියත් ඇතිවයි.මගේ ස්ථාවරය ඒකයි. අපි සකච්ඡා කරමු. මම හෘද සාක්ෂිය අනුවයි කතා කරන්නේ.

     

    එම අවස්ථාවේ නැඟී සිටි සභානායක අමත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  සඳහන් කළේ, අද සභාවේ කටයුතු සිදු කිරීමට තිබෙන බවත් මන්ත්‍රීවරුන්ට යෝජනා තිබෙන බවත් ය.මේ සම්බන්ධයෙන් තීරණයක්  කතානායකවරයා විසින් ලබාදී තිබෙන බවද සභානායකවරයා පැවසී ය.

    දිගින් දිගටම සභාවේ කටයුතු සඳහා සිදු වූ බාධා වීම් හේතුවෙන් සභාවේ කටයුතු කතානායකවරයා විසින් මාර්තු 21 දක්වා කල්තැබීමට කටයුතු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya