මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුදුදහම සුරක්ෂිත කර පෝෂණය කිරීම ප‍්‍රායෝගික ලෙස කි‍්‍රයාවට නංවනවා - ජනපති

    පෙබරවාරි 16, 2017

    බෞද්ධාගම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ලිඛිතව සඳහන් කර ඇති කරුණු තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා සේම එය ලිඛිත කරුණුවලට පමණක් සීමා නොකොට බුදුදහම පෝෂණය කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම් වඩා ප‍්‍රායෝගික ලෙස කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  පවසයි.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ  කෑගල්ල, නාපේ ශී‍්‍ර බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු 36 රියන් සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ඊයෙ (15) එක්වෙමිනි.

    ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් මහා සංඝරත්නය 500 නමකගේ සහභාගිත්වයෙන් පුණ්‍යෝත්සවය පැවැත්විණි.

    වසර එකසිය පනහක් පමණ පැරණි නාපේ ශී‍්‍ර බෝධිරුක්ඛාරාමය පෞරාණික වටිනාකම් සහිත විහාරස්ථානයක් ලෙස පමණක් නොව පිරිවෙන් අධ්‍යාපන ආයතනයක් ලෙසද චීර ප‍්‍රසිද්ධ පුණ්‍ය භූමියකි.

    අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය
    ඉන් අනතුරුව සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට එක්විය.

    ශ්‍යාමෝලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ අතින් අභිනව සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරුණු අතර  ඒ සඳහා වූ සමරු ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

    විහාරස්ථානයේ පංච මහා දේවාල විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විහාර භූමියේ සදුන් පැළයක්  රෝපණය කෙරිණි.

    ඉන් අනතුරුව පැවතී උත්සව සභාවේදී බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ඉදිකිරීම වෙනුවෙන් ධන පරිත්‍යාග සිදු කළ ධානපති ගැමුණු ජයසූරිය මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    විහාරාධිපති පූජ්‍ය මාම්පිට හේමාලෝක නායක හිමිපාණන්වහන්සේ වෙත ද ජනාධිපතිතුමා සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

    අනතුරුව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ වෙත ජනාධිපතිතුමා අට පිරිකර පූජා කළේය.
    අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, රාජ්‍ය අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස, නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල, පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුසිතා විජේමාන්න, පළාත් සභා මන්තී‍්‍ර හර්ෂ සියඹලාපිටිය, ශී‍්‍ර.ල.නි.ප දැදිගම ආසන සංවිධායක කිත්සිරි විජේතුංග යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya