මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමට ජනපති උපදෙස්

    ජනවාරි 25, 2017

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂාව සහ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ පවතින බාධාවන් ඉවත් කර ඒවා විධිමත් කර ගැනීම සඳහා මෙම කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

     

    පුරාවිද්‍යා ස්ථාන හා පුරාවස්තු ආරක්ෂාකර ගැනීම සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී මෙම උපදෙස් ලබාදෙනු ලැබීය.

     

    පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක බළකාය යෙදවීමට ජනාධිපතිතුමා පසුගියදා උපදෙස් දුන් අතර එම කටයුතුවල ප‍්‍රගතිය ද මෙහිදී විමසා බැලිණි.

     

    හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂාව සඳහා මේ වන විටත් සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයින් යොමු කර තිබෙන බව සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

     

    ඔවුන්ගේ නේවාසික ගැටලු විසඳීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර එම සාමාජිකයින්ට පුරාවිද්‍යාව පිළිබඳ දැනුමක් ලබාදීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද යෝජනා කෙරිණි.

     

    උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි පුරාවිද්‍යා ස්ථාන හඳුනාගනිමින් ඒවායේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

     

    රටේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර ගනිමින් ඒවා මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී මහා සංඝරත්නයේ ප‍්‍රශංසාවට ලක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya