මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර සංවර්ධන පාසල් සමාජ පිහිටුවීම අද ආරම්භ වෙයි

    ජනවාරි 19, 2017

    තිරසර සංවර්ධනයත් සමඟ රට සෞභාග්‍යවත් සහ දැහැමි දේශයක් ලෙස ගොඩනැගීමේ වැඩපිළිවෙළේ ප‍්‍රමුඛ ක්ෂේත‍්‍රයක් ලෙස පාසල් දරුවන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ චර්යා ප‍්‍රවර්ධනය හඳුනාගෙන තිබෙන අතර ඒ යටතේ කි‍්‍රයාත්මක, තිරසර සංවර්ධන පාසල් සමාජ පිහිටුවීමේ වැඩසටහනේ, සමාරම්භක උළෙල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (19) දිගන, කෙන්ගල්ල මහා විද්‍යාලයේ දී පැවැත්වේ.

    ‘සොඳුරු ළමා ලොවක් – සුරක්ෂිත හෙටක්’ තේමාව යටතේ ජනාධිපති කාර්යාලයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන්, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශවල අධීක්ෂණයෙන් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

     

    ස්වයංපෝෂිත සහ සමෘද්ධිමත් දේශයක් ලෙස රට ඉදිරියට ගෙන යාමට සහ රටේ අනාගත පරපුර යහපත් පරපුරක් ලෙස ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන සහ දරුවන් සුරකිමු ජාතික වැඩසටහන මැයෙන් ප‍්‍රධාන ජාතික වැඩසටහන් 05 ක් කි‍්‍රයාත්මක කර තිබේ.

     

    මෙම ජාතික වැඩසටහන්වලට අදාළ සැලසුම්හි ප‍්‍රමුඛ ක්ෂේත‍්‍රයක් ලෙස පාසල් දරුවන් දැනුවත් කිරීමේ හා ඔවුන්ගේ චර්යා ප‍්‍රවර්ධනයේ පළමු අදියර ලෙස ජාතික වැඩසටහන් 05 ඒකාබද්ධ කර ගනිමින් දීපව්‍යාප්තව පාසල් 3409 ක තිරසර සංවර්ධන පාසල් සමාජ පිහිටුවීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

    මෙම වැඩසටහනේ ප‍්‍රධාන පරමාර්ථය වනුයේ පාසල් දරුවන් අවදානම් චර්යාවලින් වළකාගනිමින් වැඩ ලෝකයට හා සමාජයට හුරුකිරීම වන අතර පාසල් දරුවන් සමාජ විපර්යකාරකයන් ලෙස බලගැන්වීමයි.

     

    ඉඩම්, භූමි පරිහරණ රටාව පිළිබඳ අවබෝධයක් ලබාදීම, පාසල් වත්ත නිපැයුම් ඒකකයක් බවට පත් කර ගැනීම, අලංකාර, පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත පාසල් පරිශ‍්‍රයක් ඇති කිරීම, පාසල් භූමිය හා පරිශ‍්‍රය තුළ තිරසර සංවර්ධනය මගින් ලබන අත්දැකීම් තම නිවස කරා ගෙන යන විපර්යකාරකය ලෙස පාසල් දරුවන් බල ගැන්වීම, මත්ද්‍රව්‍ය හා වකුගඩු උවදුර පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම, ස්වයං ආරක්ෂණය සඳහා දරුවන් බල ගැන්වීම, තිරසර සංවර්ධනයට දායක විය හැකි පරිදි දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය, දරුවන් තුළ යහපත් චර්යාවන් වර්ධනය කිරීම සෙසු අරමුණු අතර වේ.

     

    විදුහල්පති ප‍්‍රධානත්වයෙන් යුත් තිරසර පාසල් කමිටු පත් කිරීම, පාසල් දරුවන්ගෙන් සමන්විත තිරසර පාසල් ශිෂ්‍ය කමිටු පත් කිරීම හා ජාතික වැඩසටහන් 05 ට අදාළ උප කමිටු පත් කර ගැනීම තුළින් මෙම වැඩසටහන පාසල් තුළ කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya