අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි අධ්‍යක්ෂ අතර සාකච්ඡාවක්

    ජනවාරි 19, 2017

    ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකයක් හා හරිත මූල්‍ය පරිසරයක් සැකසීම සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ එරික් සොල්හයිම් (Erik Solheim) මහතා අතර සාකච්ඡාවක් ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී පැවැත්විණි.

    මේ සාකච්ඡාවේ දී යළි වන වගා කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනිණි. විශේෂයෙන්ම සංවර්ධන ව්‍යාපෘති සඳහා වන වගා ඉඩම් ලබා ගැනීමේ දී ඊට සරිලන අයුරින් අනිවාර්යයෙන්ම යළි වන වගාවන් සිදු කළ යුතු බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩසටහන මගින් අවශ්‍ය සහය සහ උපදෙස් ලබා දීමට හැකියාව ඇති බව සොල්හයිම් මහතා පැවසීය.

     

    අලි ඇතුන්, තල්මසුන් සහ ඩොල්ෆින් සංරක්‍ෂණය පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි. ජල සංරක්‍ෂණය සහ පස සංරක්‍ෂණය වහාම අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍රයන් බව ද හඳුනා ගැනිණි.

     

    සාකච්ඡා කෙරුණු ‍ක්ෂේත්‍රයන් පිළිබඳව අධ්‍යයනය කිරීම හා සැලසුම් සැකසීම උදෙසා ශ්‍රී ලංකා නියෝජිතයන් පිරිසක් නම් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

     

    ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් ද මේ සාකච්ඡාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya