මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළැඹිය හැකි නියං තත්ත්වයට එ.ජා සංවිධානයේ සහය

    ජනවාරි 17, 2017
    ඉදිරියේ දී මතුවිය හැකි නියං තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ශී‍්‍ර ලාංකික ජනතාවට අවශ්‍ය සහන සැළසීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහ ඊට අනුබද්ධිත සියලු ආයතනවල පූර්ණ සහය ලබාදෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නේවාසික නියෝජිත සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ ශ‍්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක Una Mc Cauley මහත්මිය ප‍්‍රකාශ කළාය.
     
    එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය, එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත සහ ශී‍්‍ර ලංකාව සඳහා වන අධ්‍යක්ෂවරිය, එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මේ බව ප‍්‍රකාශ කළහ.
     
    වියළි කාලගුණයත් සමග මතුවිය හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැළසීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ද පත් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම නියෝජිත පිරිසගේ ඇගයීමට ලක් විය.
     
    ශී‍්‍ර ලංකාවට මුහුණදීමට සිදුවන ආපදා තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමු කර පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහා ඔවුන්ගෙන් ලබාගතහැකි සෑම සහයක් ම ශී‍්‍ර ලංකාවට ලබාදීමට මැදිහත්වන බව ද නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළහ.
     
    පළමු පියවර ලෙස නියං තත්ත්වය පිළිබඳ පරික්ෂා කිරීම, සමීක්ෂණය හා සංන්නිවේදනය යන ක්ෂේත‍්‍රවල විශේෂඥ දැණුම සැපයිය හැකි බව ද නියෝජිත පිරිස සඳහන් කළහ.
     
    එමෙන්ම ජනතාවට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ප‍්‍රමාණවත් ජල බවුසර් සපයා ගැනීම, ආහාර සහ සෞඛ්‍ය පහසුකම් සැපයීම මෙන්ම නියඟය හමුවේ පීඩාවට පත්වන ජනතාව ණයගැතියන් බවට පත්වීම වළක්වමින් ඔවුන්ට සුරක්ෂිත ආදායම් මාර්ග හඳුන්වාදීම වැනි කරුණු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර ශී‍්‍ර ලාංකීය ජනතාව පීඩාවට පත්වන සෑම අවස්ථාවකම එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් පිරිනැමෙන යුහුසුළු මැදිහත්වීම පිළිබඳව මෙහිදි ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya