අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආරක්ෂාව පිළිබඳ තිබෙන වගකීම සහ යුතුකම ඉතාම ඉහළින් අවංකව උපරිම ලෙස ඉටු කරනවා -හමුදාව දුර්වල කිරීමට ඉඩ දෙන්නේ නෑ

    දෙසැම්බර් 07, 2016

    රටක ජාතික ජාතික ආරක්ෂව සුළුකොට තැකිය යුතු දෙයක් නොවේ. ජාතික ආරක්ෂාව පිළිබඳ තිබෙන වගකීම සහ යුතුකම ඉතාම ඉහළින් අවංකව උපරිම ලෙස ආණ්ඩුවක් ලෙස ඉටු කරනවා. හමුදා ශක්තිමත් කිරීමෙන් හැර හමුදාව දුර්වල කිරීමට ඉඩ දෙන්නේ නෑ. අපේ රට ලෝකයේ වඩා ශක්තිමත්,ප්‍රබුද්ධ,විශිෂ්ඨ රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට සෑම කෙනෙක් ම එක්ව කටයුතු කරමු'' යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.

    ජනාධිපතිතුමා මේ බව අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    ජාතික ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂව මහජන ආරක්ෂව කියන කරුණු සියල්ල ගත්විට ඒ විෂය ක්ෂේත්‍රයන් තුළ බොහෝ එකඟතාවයන් අදාළ විෂයන් තුළ විශාල සබඳතවයක් තිබෙනවා. රටක් තුළ ජාතික ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව යන ප්‍රධාන කාරණාවේ දී මූලික වශයෙන් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය සමස්ත පොදු මහජනතව ඇතුළු රාජ්‍ය ප්‍රධානීන්, දේශපාලඥයින්, රාජ්‍ය නිලධරීන් ඒ සියලු දෙනා විසින් වගකීම් ඉටු කළ යුතුයි.

     

    රටක් දියුණු කිරීමේ කර්යයේ දී සතුරු මිතුරු බලවේග හඳුනාගැනීමත් එහිදී රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රමුඛත්වය දීමත් ඉතාම අත්‍යවශ්‍ය වන්නා වූ දෙයක්. ආරක්ෂාව පිළිබඳව කතා කරන විට ගෙවී ගිය දසක කීපයක අත්දැකීම්, වසර තිහකට ආසන්න මිලේච්ඡ ත්‍රස්තවාදී යුද්ධය ගත් විට හැමදෙනාටම යුතුකමක් තිබෙනවා,ජාතික ආරක්ෂාවේ ගුණාත්මකභාවය පිළිබඳව සළකා බැලීමට.රටක ජාතික ජාතික ආරක්ෂව සුළුකොට තැකිය යුතු දෙයක් නොවේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එන අභියෝග නිර්මාණය වීම ගැන උත්තරීතර සභාවේ සියලු දෙනාට පුළුල් අභියෝගයක් තිබිය යුතුයි.

     

    ජාතික ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව කතා කරන විට ජාත්‍යන්තර සුහඳතාවය, විදේශ ප්‍රතිපත්තිය, ඉතාමත් වැදගත් වෙනවා. ආරක්ෂාවට තර්ජනය වන ක්ෂේත්‍ර කීපයක් තිබෙනවා. එක් අංශයක් තමයි, පිටස්තර රාජ්‍ය තුළින් ඇතිවන ප්‍රශ්න, රාජ්‍ය අස්ථාවර වෙයි කියන ප්‍රශ්නය මත රට අභ්‍යන්තරව මතුවන කාර්යයන්,ජාතික වශයෙන් අභ්‍යන්තර කරුණුවලින් බැහැර සංවිධානවලින් එන ප්‍රශ්න.  මේ කාරණා තුනම ගැන අවධානය යොමු කළ යුතුයි. එල්. ටී .ටී. ඊ ත්‍රස්තවාදය නිසා, අපේ රටේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරද්දි ඒ තුළ, ජාත්‍යන්තර මදිහත්වීම අපේ මතකයට එනවා. ශ්‍රී ලංකා රජයට සහාය නොදුන් සංඛ්‍යාවක් හිටියා.

     

    ජාත්‍යන්තර හොඳ හිත්  දිනාගැනීම රටක ජාතික ආරක්ෂාවට වැදගත්. ගෙවී ගිය මාස 22 කාලය තුළ මොනවද කළේ අහනවා. අපිට මූලික වශයෙන් අවශ්‍ය වුණා, ජාත්‍යන්තර වශයෙන් සියලු දෙනා සමඟ මිත්‍රශීලීව,අපේ විදේශ ප්‍රතිපත්තිය සමඟ කටයුතු කරමින් අන්තර්ජතික සහයෝගීතාවය සමඟ රට දියුණු කරන රටක් ගොඩනැගීම. අලුත් රජය විශාල කැපවීමක් කළා.

     

    අපිට අලුතින් හිතන්න දෙන්න කියා ඉල්ලීමක් කළා. සැළසුම් කරන්න දෙන්න. අපිට හොඳ රටක් හදන්න සහයෝගය දෙන්න කිව්වා. යුද්ධයක් රටක අතිවන්නේ ඇයි කියන කාරණයේ දී ඒ ඛේදවාචකය,යුද්ධයේ තත්වයත්,යුද්ධයක් නැවත ඇතිවීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ගවලදී අපි පොහොසත් නොවූවා මෙන්ම අපේ වගකීම් ඉටු නොකළා කියන එක අප විසින් සළකා බැලිය යුතු වෙනවා.

     


    මේ කරුණු සැළකිල්ලට ගත් විට අද තිබෙන අභියෝගය, ජාතික ආරක්ෂවේ දී අපි එක් පැත්තකින් ශක්තිමත් මිනිස් සබඳතා, දේශපාලන ස්ථාවරත්වය, ආර්ථිකය ශක්තිමත් වීම ,බලශක්ති සුරක්ෂිතතාවය, පරිසර සුරක්ෂිතතාවය, මානව සම්පත් සංවර්ධන යන කරුණු ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට ඉතාම වැදගත් වෙනවා. ජාතික ආරක්ෂාවේ දී ත්‍රිවිධ හමුදාව කරන කාර්යයට එහා ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙයි කියා අසුබවදී තත්ත්වයන් ඇතිවෙනවා නම් ඊට විසඳුම් සෙවීම අත්‍යවශ්‍යයි.අපි සෑම කෙනෙක් ඉදිරියේ දී යුද්ධයක් ඇතිවෙයි කියලා සිතුවිලි අපි ළඟ තිබෙනවා නම් එය වළක්වාගැනීමට මේ රටේ සෑම පුරවැසියෙකුටම පහැදිළි වැඩපිළිවෙලක් තිබිය යුතු වෙනවා. ඒ සඳහා මූලික වශයෙන් ජාත්‍යන්තර සහාය වගේම ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගත යුතු වෙනවා.

     

    ඉන්දු-ලංකා වෙළඳ ගිවිසුම පිළිබඳව  රටේ ජනතාවට හා සියලු අංශවලට අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. ආර්ථික වශයෙන් ශක්තිමත්, සියලු රටවල් සමඟ අපි බලාපොරොත්තු වෙනවා එකඟතවන් ඇති කරගන්න. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමේ දී එය කැබිනට් මණ්ඩලයට දාලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කරලා, යම් කිසි නුසුදුසු දේ ඉවත් කර සියලු දෙනාට පිළිගත හැකි ගිවිසුමක් අපි අත්සන් කරන්නේ,කියා පැහැදිළිව සඳහන් කළ යුතුයි.

     

    ජනතාව නොමඟ යවන මත ගැන කණගටු වෙනවා.අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව කටයුතු කරගෙන යන වෙලාවේ දී ඒ සම්බන්ධයෙන් රට තුළ වැරදි මත ඇතැමෙක් ගෙන යනවා. අපි එකඟතාවක් ඇති කරගෙන නෑ, ඒ සියල්ල සාකච්ඡා මට්ටමේ, සැලසුම් මට්ටමේ, සංශෝධන මට්ටමේ,තිබෙන්නේ. ජාතික ආරක්ෂාව වගේම ජතියේ සුබසිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරන සියලු දෙනාගේ වගකීමක් සහ යුතුකමක් වෙනවා, අවංකව කටයුතු කිරීම. මේ සියල්ල සම්බන්ධයෙන් රටේ පැහැදිළි ජනමතය කුමක්ද කියා සැළකිල්ලට ගෙන කටයුතු කරන්නේ.නොමඟ යැවීමට උත්සහ ගැනීමේ දි අපි තේරුම් ගන්න ඕන, සිත් වලට එකඟව කටයුතු කළ යුතුයි. අපිට අපේ ආරක්ෂ හමුදා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ඉතාම පැහැදිලිව කිව යුතුයි, නව තාක්ෂණය, සම්පත් ලබාදීම උපරීම ලෙස ඉටු කරනවා.

     

    සයිබර් ත්‍රස්තවදය,මෙවැනි කරුණුවලට නව තාක්ෂණය සමඟ මුහුණ දිය යුතු වෙනවා. විවිධ  අංශවාල් සෑම කෙනෙක් ම සූදානම් වීම් ආවශ්‍යයි. ඒ සඳහා අපි ප්‍රතිපාදන වෙන් කරනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ආණ්ඩුවක් ලෙස තිබෙන  වගකීම සහ යුතුකම  ඉතාම ඉහළින් අවංකව උපරිම ලෙස අපි ඉටු කරනවා. කිසිම තැනක අපි එය දුර්වල කරලා නෑ. දුර්වල කරන්නෙත් නෑ.

     

    ඉදිරියේ තිබෙන ප්‍රශ්න සඳහා රටක් විදියට සූදානම් වීමයි. අර්ථික සංවර්ධ සැලසුම් ඉතාම වැදගත්වෙනවා. දේශීය ආර්ථිකට පිළිබඳ කාරණයේ දී මූලික වශයෙන් රට තුළ සංසුන්භාවයක් ඇති කරන්න, රට යහපත් කරන්න, වැදගත් වෙනවා, අනාගතයට සූදානම් වීමේ දී වැදගත් වෙනව. රටක් විදියට ඉදිරියට යන්න සියලු දෙනගේම සහයෝගය අවශ්‍ය වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  යන ප්‍රශ්නය අතහැර දමලා, දේශපාලන ප්‍රශ්නයක් කරගෙන, අනාගතයේ බලය ගැන කටයුතු කළොත් අනාගතය තුළ නැවත දුක් විදිමට සිදු වෙයි.

     

    අපිට අපේ රට ලෙස තිබෙන අභියෝග විසඳාගැනීමේ දී මේ සභාවේ සහයෝගය ලබාගැනීමේ අවංක සහයෝගය අවශ්‍ය වෙනවා. එසේ නතිනම් හෙට දවස අදුරු දවසක් වෙනවා. අපේ රටේ ප්‍රශ්න අපේ රටට පමනක් සීම වූ දේවල් නොවේ. ප්‍රශ්න විසඳා ගැනීමට සහෝදරත්වයෙන් කටයුතු කළ යුතු වෙනවා. හෙට දවස වෙනුවෙන් ඔබේ අඳහස් හා යෝජනා ගෞර්වයෙන් සැළකිල්ලට ගන්නවා. අපේ වගකීම කුමක් ද කියන එක,ඒ සඳහා ප්‍රමුඛත්වය දීම අවශ්‍යයි.

     

    ජාතික් ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව කුමනාකාරයේ විවේචන ඇති වුවත් හමුදාව දුර්වල කරලා කිව්වත්, රටක් ලෙස රාජ්‍යයක් ලෙස හමුදා ශක්තිමත් කිරීමෙන් හැර, හමුදාව දුර්වල කිරීමට ඉඩ දෙන්නේ නෑ. අද ඉහළම සංවර්ධනයක් තිබෙන රටවල් ආරක්ෂක හමුදාවට පුහුණුව ලබාදෙනවා. රටේ සම්පත්වල සුරක්ෂිත භාවය වර්ධනය කිරීම, හෙට දවසේ අපේ රට ලෝකයේ වඩා ශක්තිමත්, ප්‍රබුද්ධ, විශිෂ්ඨ, රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට අපි සෑම කෙනෙක් ම  එක්ව කටයුතු  කරමු යැයි ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya