මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැබිනට් අමාත්‍යාංශ 03ක් සඳහා නව ලේකම්වරු

    අගෝස්තු 01, 2016
     
    කැබිනට් අමාත්‍යාංශ 03ක් සඳහා නව ලේකම්වරු පත් කර තිබෙන අතර ඔවුන් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
     
    විදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය සහ තැපැල් අමාත්‍යාංශය සඳහා මෙලෙස නව ලේකම්වරු පත් කර තිබේ.
     
    විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙන්නේ ඇසළ වීරකෝන් මහතායි. මෙරට තානාපති සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන ඇසළ වීරකෝන් මහතා 1988 විදේශ සේවයට එක්ව ඇති අතර රටවල් රැසක සේවය කර තිබේ.
     
    රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජේ.ජේ. රත්නසිරි මහතා පත්ව සිටි.
     
    තැපැල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.ජී.එම්.වී. හපුආරච්චි මහතා පත් කර තිබේ.
     
    පත්වීම් ලිපි ලබාදීමෙන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නව ලේකම්වරු සමග සුහද කථා බහක නිරත විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya