මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිදීමට සිදු නොවන බව ජනපති අවධාරණය කරයි

    ජූලි 29, 2016

    හිටපු නායකයින් හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිද යාමට සිදු නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (29) පෙරවරුවේ මාවනැල්ල ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

    බලකාමයෙන් මත්වූ ඇතැමුන් පාර නොදැන පාරේ ඇවිද ගියද, රජය ඉතා සිහිබුද්ධියෙන් සහ සංයමයෙන් යුතුව කටයුතු කරමින් රට ගොඩනැගීමට කැපව සිටින බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    අද කෝටි නව ලක්ෂයක ණය බරකින් අපේ රට පෙළෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා පසුගිය රජය දැවැන්ත සංවර්ධනයක් ගැන කථා කරමින් රට ඉසිලිය නොහැකි ණය බරකට ඇද දැමීමේ අභියෝගයට මුහුණදිමට සිදුව ඇත්තේ නව රජයට බව ද කියා සිටියේය.

    වරක් ජනාධිපති ධූරයේ කටයුතු කර නැවත ආණ්ඩුවක් ඉල්ලා දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිදීමට තමාට නම් අවශ්‍ය නොවන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සිය ධූර කාලය තුළ තම වගකීම් සහ යුතුකම් නිසි ලෙසම ඉටු කරන බව ද අවධාරණය කළේය.

    කෑගල්ල දිස්ති‍්‍රක්කයේ පිරිවෙන් සහ පල්ලි 50 කට පරිගණක යන්ත‍්‍ර ලබාදීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි. සර්ව ආගම් නියෝජනය වන පරිදි ආගමික නායකයින්ට පරිගණක යන්ත‍්‍ර ලබාදීම සංකේතාත්මකව ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, රංජිත් සියඹලාපිටිය, රවුෆ් හකීම්, රාජ්‍ය අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර, ළඟම පාසල හොඳම පාසල, සංකල්පය කෑගල්ල දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කරමින් මාවනැල්ල, මෙඩේරිගම විද්‍යාලයේ පැවති උත්සවය සඳහා ද ජනාධිපතිතුමා අද (29) පෙරවරුවේ එක් විය.

    ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරාගත් පාසල් දෙකක් හොඳම පාසල් ලෙස සංවර්ධනය කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙන අතර ජනපි‍්‍රය පාසල් සඳහා පවතින තරඟය අවම කිරීම එහි අරමුණයි.

    සංවර්ධනය පිළිබඳ කෙතරම් උදම් ඇනුවද ලංකාවේ පාසල් දස දහස් එකසිය පනහ අතුරින් පාසල් හාරදහසකට වැඩි ප‍්‍රමාණයක මූලික පහසුකම්වත් සපුරා නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය සඳහා ඉතා සාධාරණ සම්පත් බෙදීමක් සහ කළමනාකරණයක් අවශ්‍ය බවත්, රටේ සෑම දරුවෙක් වෙනුවෙන්ම එම අයිතිය තහවුරු කිරීමට වත්මන් රජය කැපවන බවත් ප‍්‍රකාශ කළේය.

    මැති ඇමතිවරු පිරිසක් ද විදුහල්පතිනිය එස්.කේ. බටවල මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya