මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විෂ මත්ද්‍රව්‍ය අලෙවි ජාවාරම් වැළැක්වීමට දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නවා - ජනපති

    ජූලි 28, 2016

    පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම් වැළැක්වීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ යටතේ පුළුල් අවධානයක් යොමු කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    දරුවන් සහ රට පිළිබඳ නොසිතා මුදල් පසු පස හඹා යන පිරිස් විසින් සිදු කරන මෙම ජාවාරම්වලින් අනාගත පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ගාල්ල, කතළුව මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (27) පෙරවරුවේ එක් වෙමිනි.

    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

    විද්‍යාලයේ නව තාක්ෂණ පිඨය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    එමෙන්ම නව ක්‍රීඩා සංකීර්ණය සඳහා මුල් ගල් තබමින් එම සමරු ඵලකය ද ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

    අනතුරුව පැවති ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ දී විද්‍යාලයේ දක්ෂතා දැක්වූ සිසුන්ට ත්‍යාග සහ සහතික පත් ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    සමස්ත ලංකා පාසල් කි‍්‍රකට් අනුශූරතාවය සහ සමස්ත ලංකා නර්තන තරගාවලියේ පළාත් ශූරතාවය දිනා ගැනීමට කතළුව මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් සමත් වූ අතර ඔවුන්ට කුසලාන ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විදුහල්පති සමරසිරි වේවැල්වල මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය චන්දිම වීරක්කොඩි, චන්ද්‍රලාල් අබේගුණවර්ධන, විජයපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද, විදුහල්පති. ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya