මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහන සැලසීමේ කටයුතු ගැන ජනපතිගෙන් උපදෙස්

    මැයි 20, 2016

    ජල ගැලීම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

    ජල ගැලීම්වලට ලක් වූ ප‍්‍රදේශවල ජනතාව මුදා ගැනීමේ කටයුතු, අවතැන් වූ ජනතාව රඳවා තැබීම මෙන්ම ඔවුන්ගේ ආහාර පාන අවශ්‍යතා සපුරාදීම ඇතුළු සුබසාධන කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    ජල ගැලීම් හේතුවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා දැනට යොදවා ඇති බෝට්ටු ප‍්‍රමාණය වැඩි කරන ලෙසද මෙහිදී නාවික හමුදාවට උපදෙස් දුන් ජනාධිපතිතුමා මුදල් ප‍්‍රතිපාදන ගැටලුවක් කර නොගෙන අවශ්‍ය පරිදි එම ජනතාවගේ සුබසාධන කටයුතු අඛණ්ඩවම සිදු කරන ලෙස දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

    එමෙන්ම අවතැන් වූ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසද අදාළ නිලධාරින් දැනුවත් කළ ජනාධිපතිතුමා ජල ගැලීම් තත්ත්වය පහව යන තුරු තම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    මේ වන විට ජල ගැලීම්වලින් වැඩිම පීඩාවකට පත්ව ඇති කොළඹ දිස්ති‍්‍රක්කයේ ජනතාවට අවශ්‍ය සහන කටයුතුවල සම්බන්ධීකාරකවරයා වශයෙන් ජනාධිපතිතුමා විසින් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පත් කළ අතර අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ද එම කටයුතුවලට සහය දක්වනු ඇත.

    සෑම දිස්ති‍්‍රක්කයකම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා සෑම උදෑසනකම දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් දේශපාලන අධිකාරියේ ද සහභාගීත්වයෙන් රාජ්‍ය නිළධාරින් රැුස්ව අදාළ තත්ත්වයන් සොයා බලා ජනතාවට අවශ්‍ය සහන කටයුතු සැළසුම් කිරීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් දුන්නේය.

    එමෙන්ම ජල ගැලීම් තත්ත්වයන් පහව ගිය පසු එම ප‍්‍රදේශවල ජනතාවට මුහුණදීමට සිදුවන සෞඛ්‍ය ගැටලුවලින් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දුන් ජනාධිපතිතුමා එම ජනතාවට අවශ්‍ය නිවාස ඉදිකර දීම වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙලක් සැළසුම් කිරීමට උපදෙස් දුන්නේය.

    අයහපත් කාලගුණ තත්ත්වයන් සමග ඇතිවන ආපදා තත්ත්වයන් පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාවට වාර්තා කිරීම මාධ්‍ය සතු වගකීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා අඩු පාඩු පමණක් නොව විපතට පත් ජනතාව වෙනුවෙන් රජය ගෙන යන සහන වැඩපිළිවෙල පිළිබඳවද තොරතුරු වාර්තා කරමින් පීඩාවට පත් වූ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන ලෙස ද මාධ්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටියේය.

    අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, රාජිත සේනාරත්න, එස්.බී. දිසානයක යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, මුදල් ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් ද, දිස්ති‍්‍රක් ලේකම්රුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya