මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විධිමත් ආර්ථික,ආයෝජන ප්‍රතිපත්තියක්,සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතුයි

    මැයි 17, 2016

    මූල්‍ය බෝම්බය පිපිරීමට පෙර රාජ්‍ය බලය පික් පොකට් ගසන්නට පැවැති රජය උත්සහ කළත් එය හරිගියේ නැති බවත් රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට නම් විධිමත් ආර්ථික ප්‍රතිපත්තියක්, ආයෝජන ප්‍රතිපත්තියක්,සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේඅඳහස් දක්වමිනි.

     

    ඥාති සංග්‍රහය, වැරදි කළමනාකරණය නිසා රටේ සෑම පුද්ගලයෙක්ම රුපියල් 23000ක ණය බරක් පැටවිලා තිබෙනවා.විෂම ණය උගුලකට හසුවෙලා තිබෙනවා. මෙවැනි විෂම ආයෝජනය නිසා රටේ මූල්‍ය ගැටළුවක් මතුව තිබෙනවා.විෂම ආයෝජනයට උදාහරණ ලෙස මත්තල ගුවන්තොටුපල, හම්බන්තොට වරාය,හදුන්වන්න පුළුවන්.මේ නිසා රටේ ආයතනත් රටත් ණයබරතාවයකට ඇද වැටිලා.

     

    විෂම ආයෝජන නිසා විෂම ණය චක්‍රයක් ඇතිවෙනවා.ඊළඟ විග්‍රහයේ දී සිදුවන්නේ, ණය පියවීමට අලුත් ණය ගැනීමට සිදුවීමයි.විෂම ණය චක්‍රයට මේ නිසා රට මුහුණ දෙනවා. එවකට රජය මූල්‍ය බෝම්බය පිපිරීමට පෙර රාජ්‍ය බලය පික් පොකට් ගසන්න හැදුවට එය හරිගියේ නෑ.එදා ඥාති සංගහයට තමගේ ධපතීන්ට බදු සහන ලබදුන්නා.ඒවාගේ ප්‍රථිඵලය මෙයයි.රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට නම් විධිමත් ආර්ථික ප්‍රතිපත්තියක්, ආයෝජන ප්‍රතිපත්තියක්, සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතුයි.මූල්‍ය අර්බුදය විසඳීමට එක පවුලක් රැකගන්නව වෙනුවට රටේ සැමට ආදායම ලැබෙන රනිල්- මෛත්‍රි පාලනය ඉදිරියට යන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya