මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ සම්මුතිවාදී ආණ්ඩුවේ ව්‍යාපෘතිවල පූර්ණ සහය දෙනවා - චීනය

    අප්‍රේල් 07, 2016

    ලෝකයේ බොහෝ රටවල් චීන මහජන සමූහාණ්ඩුවට සම්බාධක පනවා තිබූ අසීරු අවධියක, ශ්‍රී ලංකාව නොබියව ඉදිරිපත්ව චීනය සමග රබර් - සහල් ගිවිසුම අත්සන් කළ බවත්, 1952 වසරේ ශ්‍රී ලංකාව ගත් ඒ පියවර චීන මහජන සමූහාණ්ඩුව සහ චීන මහජනතාව කිසිදා අමතක නොකරන බවත්, චීන ජාතික මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ඡං ඩ’ජියැං  (Zhang Dejiang) මහතා පැවසීය.

    07 වන දා බෙයිජිං නුවර මහජන මහා ශාලාවේ දී ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් ඡං ඩ’ජියැං මහතා පැවසූයේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පිහිටුවා ඇති සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ නව දර්ශනය සහ නව ව්‍යාපෘති උදෙසා පූර්ණ සහය ලබා දීමට චීනය සූදානම් බවය.

    පසුගිය වසර තිහක පමණ කාලය තුළ චීනය දැවැන්ත ආර්ථික සංවර්ධනයක් ලබා ගත්තේ කැපවීම, නායකත්වය සහ චීනයට අනන්‍යතාවය සහිත කොමියුනිස්ට්වාදය නිසා බව පෙන්වා දුන් සභාපතිවරයා, ශ්‍රී ලංකා රජය සමගත්, පාර්ලිමේන්තුව සමගත් සමීපව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග සාර්ථක කරලීම සඳහා චීනයේ ආධාරය සහ උපකාරය ලබා දෙන බව ද සඳහන් කළේය.

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ මුළු මහත් ආසියාවම කලාපයක් වශයෙන් ආර්ථික ක්ෂේබඉා එහර ැහහහහදසහඑරඅ්ිාඩත්‍රයේ බලවත් ස්ථානයක් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතු  බවය. ඉදිරි අවුරුදු 20 ක පමණ කාලය තුළ මුළු මහත් ලෝකයේම ආර්ථික බලවතා වීමේ හැකියාව සහ අවස්ථාව ආසියානු කලාපය සතුව පවතින බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා පිළිබඳව අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ දෙරටේ පුරවැසියන් අතර, සංස්කෘතික, ආගමික, තාක්‍ෂණික ආදි ක්ෂේත්‍ර ගණනාවක් පදනම් කර ගනිමින් සබඳතා තහවුරු කළ යුතු බවය. සෞඛ්‍ය, අධ්‍යාපන, කාර්මික සහ කෘෂිකර්මාන්ත යන ෙක්‍ෂ්ත්‍රයන් තුළ සංවර්ධනාත්මක කටයුතු උදෙසා චීනයේ සහය අපේක්‍ෂා කරන බව ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වැඩිදුරත්  පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya