මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයට අඳහස් යෝජනා ඉල්ලයි

    අප්‍රේල් 07, 2016

    පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් සඳහා පිළියෙල කළ චර්යා ධර්ම සංග්‍රහය කෙටුම්පත සම්බන්ධ‍යෙන් මන්ත්‍රීවරුන්ගේ අදහස් හා ‍යෝජනා ලබාදෙන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා අද (07)පාර්ලිමේන්තුවේ දී දැන්වීය.

     

    කතානායකවරයා විසින් කතානායක නිවේදන ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කළ අතර, කෙටුම්පත සියළුම මන්ත්‍රීවරුන්ගේ මේසය මත භාෂා ත්‍රිත්ව‍යෙන්ම තබා ඇති බවත්  ඒ සම්බන්ධ‍යෙන්ම මන්ත්‍රීවරුන්ගේ අදහස් හා ‍යෝජනා ඉදිරි සති ‍දෙක ඇතුළත පාර්ලි‍මේන්තු මහ ‍ලේකම් කාර්යාලය ‍වෙත ලිඛිතව භාර ‍‍දෙන ‍ලෙස දැන්වීය.

     

    තවදුරත් කතානායකවරයා සඳහන් කළේ,ඊයේ සිදු වූ සමහර සිද්ධීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගරුත්වයට හානිකර බව  ය.

     

    චර්යා ධර්ම රීති සංග්‍රහ‍‍යෙහි අරමුණ, චර්යා ධර්ම රීති සංග්‍රහ‍යේ විෂය පථය, මන්ත්‍රීවරු‍ගේ වගකීම්, චර්යා මූලධර්ම, චර්යා නීති, බැඳියාවන් අනාවරණය කිරීම්  සහ ප්‍රකාශයට පත් කිරීම, මන්ත්‍රීවරුන්ගේ බැඳියාවන් පිළිබඳ ‍ලේඛණය, ‍‍‍පොදු ‍දේපළ භාවිතය, ‍පෙළඹවීම්, ආචාරශීලීභාවය, හැසිරීම, පැමිණීම, චර්යා රීති සංග්‍රහයට ගරු කිරීම, බලාත්මක කිරීම (පැමිණිලි කිරීම, විමර්ශන කිරීම සහ සම්බාධක පැමිණවීම), විමර්ශනය කිරීම පිළිබඳ ක්‍රියාපටිපාටිය, සම්බාධක සහ දඩුවම්, වාර්තා ඉදිරිපත් කිරීම සහ සලකා බැලීම, වාර්තා සලකා බැලී‍මෙන් පසු ‍යෝජනාව, ක්‍රියා පටිපාටිය නියාමනය කිරීම, චර්යා නීති සංග්‍රහය සකස් කිරීම සහ යාවත්කාලීන කිරීම යන කරුණු යට‍තේ චර්යා ධර්ම රීති සංග්‍රහය ‍කෙටුම්පත පි‍ළි‍යෙ  කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya