මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ප්‍රථම වරට රැස්වෙයි -ඓතිහාසික දිනයක් - කතානායක

    අප්‍රේල් 05, 2016

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේ දී අද (05) කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථමවරට රැස්වීම සිදු විය.

    පාර්ලිමේන්තුවේ ප.ව.1.24ට පමණ කල්තැබීමෙන් අනතුරුව වේත්‍රධාරී විසින් සෙන්කෝළය පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවතට රැගෙන යනු ලැබීය.ඉන් අනතුරුව කතානායකවරයා , කතානායක අසුනෙන් නැගී සිට කාරකසභා අසුනට ගොස් සභාවේ කටයුතු ආරම්භ කළේ ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරු සහ මෙහෙයුම් කමිටු සමාජිකයන් පත් කිරීම සිදු වූ විය.


    ව්‍යවස්ථාදායක මණ්ඩලය ආරම්භ කිරීම ඓතිහාසික අවස්ථාවක් බවත් මෙය ඓතිහාසික දිනයක් බවත්, පැවසූ කතානායක කරූ ජයසූරිය මහතා,අපට සුදුසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තෝරාගත යුත්තේ මහජනතව නියෝජනය කරන ඔබ විසින් බව සභාව අමතමින් කතානායකවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya