මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    '' මින්නේරි දෙවියෝ '' චරිතාපදානය එළිදකී

    මාර්තු 31, 2016

    ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් '' මින්නේරි දෙවියෝ''  නමින් රචිත, හිටපු අමාත්‍යවරයෙකු වූ සී.පී.ද සිල්වා මහතාගේ දේශපාලන චරිතාපදානය ඇතුළත් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් '' මින්නේරි දෙවියෝ''  කෘතියේ පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂනායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන් ද, හිටපු ජනාධිපතිනි චන්දි්‍රකා  බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ද, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඇතුථ විද්වතුන් ද, සී.පී. ද සිල්වා මහතාගේ පවුලේ ඥාතින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya