මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ සුව විශිෂ්ටතා සම්මාන ප්‍රදානය කෙරේ

    මාර්තු 30, 2016

    වයඹ පළාතේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සපයාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය ආයතන සහ කාර්ය මණ්ඩල අතර තරගකාරිත්වය තුළින් සේවා සැපයීමේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන වයඹ සුව විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    වයඹ පළාතේ හොඳම රෝහල, සෞඛ්‍ය සේවා ආයතන මෙන්ම විශිෂ්ට සේවයක නියුතු වෛද්‍ය, හෙද, පරිපුරක සේවා ඇතුළු කාර්ය මණ්ඩල මෙහිදි ඇගයීමට ලක් කරමින් ජනාධිපතිතුමා අතින් සම්මාන ප්‍රදානය කිරීම සිදු විය.

    අමාත්‍ය එස්.බී. නාවින්න, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වෙඩරුව, වයඹ පළාත් අමාත්‍යවරුන් වන ගුණදාස දෙහිගම, සන්ධ්‍යා කුමාර රාජපක්ෂ, සුමල් තිසේරා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya