අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්ගිරි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

    මාර්තු 11, 2016

    අපවත් වි වදාළ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය ගලගම ශ‍්‍රී අත්තදස්සි මහනාහිමියන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

    අදාහන පූජෝත්සවයට සහභාගී වන මහා සංඝරත්නයට සහ සැදැහැවතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙසද ජනාධිපති ලේකම්තුමාට ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත.

    අතිපූජ්‍ය ගලගම ශ‍්‍රී අත්තදස්සි මහනායක හිමියන්ගේ හදිසි අපවත් වීම පිළිබඳ පුවත සැලවීමෙන් තමන් මහත් සංවේගයට පත්වූ බවත් උන්වහන්සේගේ රටටත් ශාසනයට සහ සමාජයටත් සිදු වූ මහා මෙහෙවර සමස්ත ශ‍්‍රී ලාංකීය ජනතාවගෙත්, ලෝක බෞද්ධ ජනතාවගෙත් මහත් ගෞරවයට පාත‍්‍රවන්නක් බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන 13 වන ඉරිදා දින ජාතික ශෝක දිනයක් ලෙස ද රජය ප‍්‍රකාශයට පත්කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya