මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිමානවත් 68 වැනි නිදහස් දින සැමරුම ඇරඹේ

    පෙබරවාරි 04, 2016

    අභිමානවත් 68වැනි නිදහස් දින උත්සවය අද (4) උදැසන කොළඹ, ගාලුමුවදොර පිටියේ දී  මීට සුළුමොහොතකට පෙර ආරම්භ විය.

    ත්‍රිවිධ හමුදා උත්තමාචාර පෙරදැරිව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිදහස් දින සැමරුම පැවැත්වෙන උත්සව භූමියට සැපත්විය.

     

     ''එකම දැයක් මහබලයක්'' මෙවර නිදහස් දිනයේ තේමාවයි.

     

    මේ අවස්ථාව වනවිට අතිපූජ්‍ය සංඝරත්නය ප්‍රධාන අනෙකුත් ආගම් නියෝජනය කරන පූජක උතුමන් වහන්සේලා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා,කතානායක කරූ ජයසූරිය මහතා,ස්වදේශකටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු, ආණ්ඩුකාරවරු ,පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරු ඇතුළු පළාත් සභා අමාත්‍යවරුවරු සහ මන්ත්‍රිවරු ,රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු,ත්‍රිවිධ හමුදාපතිවරු,පොලිස්පතිවරයා ප්‍රධාන රනවිරුවන් ඇතුළු මහජනතාව එක්ව සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya