මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ ප්‍රකාශයෙන් මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ නෑ- අගමැති

    ජනවාරි 29, 2016

    පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) තමන් විසින් සිදු කළ ප්‍රකාශයෙන් මාධ්‍යවේදීන්ට කිසිදු තර්ජනයක් සිදු නොකළ බව අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අග්‍රාමාත්‍යවරයා,අමාත්‍යාංශ නිවේදනය යටතේ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසී ය.

     

    වැඩිදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

    මම ඊයේ(28) මාධ්‍යවේදීන්ට තර්ජනය කළා යැයි සභාවේ මන්ත්‍රීවරයකු පවසා තිබෙනවා.මම කිසිම තර්ජනයක් කර නෑ.එක එක ඒවා පිටුපස ඉන්නේ කවුද කියලා මම නම් කළා.ඒක අපේ අයිතියක් නොවෙයි ද?
    මේ අය ඉල්ලනවා තොරතුරු දැනගැනීමේ පනතක් ගේන්න කියලා,ගෙනාවාම තවත් තොරතුරු දැනගන්න පුළුවන්.ඕන කෙනෙක් නම් කරන්න පුළුවන්, මේ අය නම් කරන්න බෑ.

     


    මම මාධ්‍ය ඇතුළෙන් එන අඳහස් මෙතැන ප්‍රකාශ කළේ.දේශපාලඥයන්ගේ අඳහස් නොවෙයි.මාධ්‍යයෙත් බමුණුකුලයක් තිබෙනවා.බමුණුකුලයට තේරෙන්නේ නෑ ඒ අය දැන් වසලයෝ වී ඇති බව.මාධ්‍යයේම ඉන්නවා මාධ්‍ය නිදහසට සටන් කළ අය.ඒ ගොල්ල තමයි කියන්නේ.මම කාටවත් තර්ජනය කළේ නෑ.පත්තරවලට මන්ත්‍රීවරු නම් කරන්න පුළුවන් නම් අපිට මාධ්‍යවේදීන් නම් කරන්න බැරි ඇයි?බමුණුකුලය අපිට වැඩක් නැතැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya