මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණි මහා පෙරහැරේ සධාතුක කරඩුව තැන්පත් කිරීම ජනපති අතින් සිදු කෙරේ

    ජනවාරි 23, 2016
    කැලණිය රජමහා විහාරයේ දුරුතු  මහා පූජෝත්සව අවසන් මහා පෙරහැර ඊයේ (22) රාත්‍රියේ  අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
     
    කැලණි රජමහා විහාරයේ  විහාරාධිපති  මහාචාර්ය  පූජ්‍ය කොල්ලූපිටියේ  මහින්ද සංඝරක්ඛිත  නාහිමියන්ගේ  අනුශාසනා පරිදි  පැවැති අවසන්  මහා පෙරහැරේ  සධාතුක  කරඩුව  මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා අතින්  සිදු කෙරිණි.
     
    අනතුරුව දුරුතු මහා  පෙරහැර  විදී සංචාරය  ආරම්භ කෙරිණි.
     
    මෙම අවස්ථාවට කථානායක කරු ජයසුරිය, ප්‍රධාන  බස්නායක නිලමේ  ධමිමික ආටිගල, අමාත්‍ය ජෝන් අමරතුංග,  අමාත්‍ය හර්ෂද  සිල්වා, ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු  විශාල පිරිසක් එක්ව  සිටියහ.
     
    ( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya