අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයින්ට වාහන බලපත්‍ර දෙකක්

    දෙසැම්බර් 03, 2015

    රාජ්‍ය සේවකයින්ට වසර දහයකට වරක් උපරිම වශයෙන් වාහන බලපත්‍ර දෙකක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පාර්ලිමේන්තුවේදි පැවසීය.

    අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අතිගරු ජනාධිපති ,අගමැති කාර්යාලය,උපරිමාධිකරණවල විනිශ්චයකාර වරු,ඇතුළු වැය ශීර්ෂ කීපයක් පිළිබඳ විවාදයට එක්වෙමිනි.

     

    රජයේ සේවකයින්ට අවුරුදු 10කට සැරයක් වාහන ගේන්න අවස්ථාව දෙනවා.උපරිම වාහන බලපත්‍ර දෙකයි ලබාදෙන්නේ.රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ‍මෙම වාහන බලපත්‍රය වසර පහකට වරක් ලබාදීම අපහසු බවද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, කොළඹ ‍ඇතුළු බස්නාහිර පළාත හා දිවයිනේ සෑම
    පළාතක ම අධික රථවාහන තදබදයක් පවතින බවය.මෙය පාලනය කිරීම සඳහා වාහන ආනයනය යම් තරමකට හෝ පාලනය කිරීමකට
    ලක්විය යුතු බව පැවසී ය.


    මෙහිදී අඳහස් දැක් වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධයක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා ප්‍රකශ කර සිටියේ, අයවැය
    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර වාහනයක් ගෙන්වීම වෙනුවෙන් කටයුතු කළ අය සිටිනවා.ඒ අය වාහනයක් ගේන්නේ අතේ ඇති මුදල අනුවයි.නමුත් මෙවර අයවැයෙන් විවිධ බදු මුදල් වැඩි වී තිබෙනවා. ණයවර ලිබි විවෘත කළ අය හා දැනට වරායට වාහන
    ගෙන්වා ඇති අය මේ තත්ත්වය සමඟ බරපතළ අපහසුවකට පත්වෙනවා.ඒ නිසා මේ අයට වැඩිකළ බදු මේ අයටත් ගෙවන්න
    වෙනවද? එසේ නොමැති නම් මේ අයට සහනයක් ලබා පියවරක් දීමට පියවර ගන්නේ දැයි විමසී ය.

    ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ,අපට මේ පිළිබඳව සාකච්ඡා කළ හැකියි.ඒ නිසා මුදල් ඇමැතිවරයා
    සමඟ සාකච්ඡා කර මේ පිළිබඳව යම් තීරණයකට පැමිණිමට පුළුවන් බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya