අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම සමාජ තීරුවක් ගැනම වෙන වෙනම අයවැයෙන් සාකච්ඡා වී තිබෙනවා-අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා

    නොවැම්බර් 27, 2015

    මුළු මහත් ජනතාවගේ සෑම සමාජ තීරුවක් ගැන වෙන වෙනම අයවැයෙන් සාකච්ඡා වී තිබෙන බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ පස්වැනි දින විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (27) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    මෙවර අයවැයේ වචනවල ගැඹුරු අර්ථයක් තිබෙනවා.මේ අයවැයේ සාධණීය කරුණු දැක්කා.සතුරු ප්‍රතිවිරෝධයකට වඩා මිතුරු ප්‍රතිවිරෝධයක් සම්මුතිවාදී ආණ්ඩුවක අයවැයක් බලාපොරොත්තු වන්නේ.අප දන්නා දේ තමයි, අග්‍රාමාත්‍යතුමා සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඉදිරිපත් කළා,සමාජවාදය හා ධනවාදය අතර මැදමාවතක්.මුළු මහත් ජනතාවගේ සෑම සමාජ තීරුවක් ගැනම වෙන වෙනම සාකච්ඡා කළ අයවැයක්.සෞඛ්‍ය සේවයට අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කර තිබෙනවා.

    ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අඳහස් එකට කැටිකොට සාර්ථක අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. අලුත් ආර්ථික ගමනක්, නව මාවතක් නිර්මාණය කිරීමට හැකි බව විශ්වාස කරන බවද අමාත්‍යවරයා විවාදයේ අඳහස් දක්වමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya