අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකයට ශක්තියක් වන මත්ස්‍ය සම්පත රැකගත යුතුයි

    ඔක්තෝබර් 09, 2015

    රටක් හැටියට, රටේ ආර්ථිකයට ශක්තියක් වන මත්ස්‍ය සම්පත රැකගත යුතු බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    ඉන්දියානු ධීවරයන් නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම නිසා තම ජීවිකාවේ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති බව සඳහන් කරමින්
    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ
    අඳහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    මේ ගැටළුවට ස්ථීර විසඳුමක් ලබාදීමට ඉතාමත් ඉක්මනින් එකඟතාවයකට පැමිණිය යුතුයි. ඉන්දීය ධීවර සමාගම් දක්වන ඇතැම්
    කොන්දේසිවලට එකඟ වන්නට නොහැකියි. කවුරු හරි කියනවානම් නාවික හමුදාව මුහුදු සීමාව ආරක්ෂා කරන්නේ නෑ කියා, එය වැරදි
    මතයක්.

    අපගේ අවධානය යොමු වී තිබෙනවා ස්ථීර විසඳුමක් මේ සඳහා ලබාදීමට. ඒ සඳහා දෙපාර්ශවයටම පිළිගත හැකි විසඳුමක් සඳහා සියලු
    දෙනාගේම සහාය අපේක්ෂා කරනවා. ඉතාම ඉක්මනින් ප්‍රශ්නය විසඳාගෙන ශ්‍රී ලංකාවට අයිති මත්ස්‍ය සම්පත ආරාක්ෂා කිරීමට කටයුතු
    කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya