අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 10, 2015
    ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 60 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. 
     
    ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් 10 දෙනෙකුට සම්මාන ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. 
     
    ප්‍රවීන චිත්‍ර ශිල්පී තිලක් කලූලියනගේ මහතා විසින් එම අවස්ථාවේදීම සිතුවටම නගන ලද ජනාධිපතිතුමාගේ සේයාරුවක් ජනාධිපතිතුමා වෙත තිළිණයක් ලෙස පිළිගැන්වීම ද සිදු විය. 
     
    ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සභාපති මුදිත කාරියවසම්, ජාතික සංවිධායක උපුල් ජනක ජයසිංහ යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර ඉන්දීය වෘත්තීය මාධ්‍යවේදින්ගේ සංගමයේ සමාජ ජාල වෙබ් අඩවියේ කතෘ විශ්ව දේව රාඕ, මදන් ගඩුවා යන මහත්වරු ඇතුළු ඉන්දීය මාධ්‍යවේදින් කණ්ඩායමක් එක්ව සිටියහ.
     
    ඡායාරූප  - ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya