අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභී ජනතාව ආර්ථික වශයෙන් නගාසිටුවීමට නව රජයෙන්, නව වැඩපිළිවෙළක්

    ඔක්තෝබර් 09, 2015
    රටේ දුගීභාවය තුරන් කිරීමට සහ අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට නව රජයෙන්නව වැඩපිළිවෙළක් අරඹන බව ජනාධිපතිතුමා පවසයි.
     
    දේශපාලනඥයන්ගේ අරමුණු ඉටු කර ගැනීමට මේ රටේ අහිංසක පොදු මහ ජනතාවගේ වරප‍්‍රසාද සුරාකෑමට ඉඩ නොදෙන බව පැවසු ජනාධිපතිතුමා අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් රජය වෙන් කරන සෑම ශතයක්ම ඔවුන්ගේ සුබසාධනය සඳහා ආයෝජනය කරන වැඩපිළිවෙළක් සකස් කරන බවද කියා සිටියේය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ රාජ්‍ය කළමනාකරණ සහකාර පත්වීම් 2635ක් පිරිනැමීම වෙනුවෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවති උත්සවයට එක් වෙමිනි.
     
    අඩු ආදායම්ලාභි පවුල් ආර්ථික වශයෙන් නගාසිටුවීම සඳහා දැනට කි‍්‍රයාත්මක සහනාධාර ක‍්‍රම තුළ අඩු පාඩු රැසක් 
     
    දක්නට ලැබෙන අතර අදාළ විෂයභාර අමාත්‍යවරයා සමග සාකච්ඡා කර එම සියලු අඩු පාඩු නිවරදි කරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    සේවා ලබා ගැනීමට පැමිණෙන පොදු මහජනතාවට සුහදශීලී මෙන් ම කාර්යක්ෂම සේවයක් ලබාදීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීමක් බවද පැවසූ ජනාධිපතිතුමා අපගේ රාජ්‍ය සේවය දූෂණයෙන්, වංචාවෙන් මෙන් ම නාස්තියෙන් තොර රාජ්‍ය සේවයක් බවට පත්කිරීමට නව රජය කැපවී සිටින බව ප‍්‍රකාශ කළේය.
     
    වංචාව, දුෂණය, නාස්තිය පිටු දැකීමේ ආදර්ශය පහළ සිට ඉහළට නොව ඉහළ සිට පහළට කි‍්‍රයාත්මක කිරීම නව රජයේ වැඩපිළිවෙළ බවද ජනාධිපතිතුමා කියා සිටියේය.
     
    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා 2014/2015 වර්ෂවල පැවැත්වූ විවෘත තරග විභාගයෙන් බඳවාගත් පිරිස සඳහා සති 03ක පුහුණුවකින් පසු මෙම පත්වීම් ප‍්‍රදානය කිරීම සිදු විය.
     
    මෙයට අමතරව රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා සීමිත තරග විභාගයෙන් නිලධාරින් 1061ක් බදවා ගැනීමට නියමිත අතර ඔවුන්ගේ පත්වීම්ද මෙම වසර තුළ ලබා දීමට නියමිතය. මේ අනුව රාජ්‍ය සේවයට අලුතින් එකතුවන රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන් සංඛ්‍යාව 3696කි.
     
    මෙමගින් රාජ්‍ය සේවයේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල තිබූ කළමනාකරණ සහකාර පුරප්පාඩු 80%‍ක් පමණ සම්පූර්ණ කෙරේ.
     
    රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ යන මහත්වරුන් ද, අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya