අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට චීනය සූදානමින්

    ඔක්තෝබර් 09, 2015
    චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ප‍්‍රමුඛ දූත පිරිසක්  ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අතර මෙහිදී අදහස් දක්වමින් චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඒච්.ඊ. ලියු සෙන්මින් (Liu Zhenmin) මහතා දකුණු ආසියාවේ වැදගත් රටක් ලෙසට ශ‍්‍රී ලංකාව සලකන බවත් ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට ඕනෑම සහයක් ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටිනා බවත්ය.
     
    චීන රජය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත‍්‍රත්වය සිහිපත් කරමින් සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා තමා ඉකුත් දා චීනයේ කළ සංචාරයේ දී චීන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය දැක්වූ අනුග‍්‍රහය ද සිහිපත් කළේය.
     
    ජිනීවා මානව හිමිකම් සැසියේ දී ශ‍්‍රී ලංකාව කෙරෙහි දැක්වූ සහයෝගීතාවය අගය කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, මැතිවරණයකින් පසුව රට සංවර්ධනය කරා ගෙනයාමේ කාර්යය ආරම්භ කර ඇති බව සඳහන් කළේය.
     
    තවද සිරිමාවෝ බංඩාරණායක මැතිණියගේ කාලයේ සිට ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා දේශපාලන ගමනට දුන් නායකත්වය ඇගයීමට ලක් කළ චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා, රට සංවර්ධනය කරා ගෙන යන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජයට චීන රජයේ සුබපැතුම් පළ කළේය.
     
    මාරාන්තික වකුගඩු රෝගයට ප‍්‍රතිකාර කිරීමට චීන රජයේ ආධාරයෙන් ඉදිකිරීමට නියමිත වකුගඩු රෝහලේ ඉදිකිරීම් පිළිබඳ ව ජනාධිපතිතුමා සිහිපත් කළ අතර මේ වනවිටත් චීන රජයේ නිලධාරී කණ්ඩායමක් පැමිණ ඒ පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    චීන රජයේ ආධාර යටතේ ඉදිවන හම්බන්තොට වරායේ දෙවන අදියරේ ඉදිකිරීම් කඩිනමින් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිතුමා චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.
     
    සෑම වසරක ම දෙරට අතර පවතින තරුණ දේශපාඥයන්ගේ හුවමාරු වැඩසටහන පිළිබඳ ව දෙපාර්ශවය අතර සාකච්ඡා විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya